IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි

මහජන උපයෝගීතා කොමිසම තුන්වතාවක් ලිඛිතව දැනුම් දීලා 


උපුල් වික්‍රමසිංහ


මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතු වුවත් මේ දක්වා එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කොමිසමට යොමු කරන ලෙස දන්වමින් 
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවස්ථා තුනකදී සිහිකැඳවීම් 
ලිපි ලංකා විදුලිබල මණ්ඩලයට යොමු කළ ද ඒ කිසිවකට ප්‍රතිචාර නොලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.

2023 වසරේදීත් 2024 වසරේ මේ දක්වා කාලයේදීත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයා ඇති බැවින් එම ලාභය විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීමට ඇති නොකැමැත්ත නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම පමා කරමින් සිටින්නේ ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අප මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මේ අතර නම සඳහන් කිරීමට අකමැති වූ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ එම ගාස්තු සංශෝධන යෝජනාව අවසන් අදියරේ පවතින බවත්, දැනට පවතින මට්ටමේ ම ගාස්තු තබා ගැනීමට හෝ සුළු මුදලකින් වැඩි කිරීමට හෝ ඒ යෝජනාවෙන් යෝජනා කර ඇතැයි දැනගන්නට ඇති බවත්ය.

 



අදහස් (0)

විදුලි ගාස්තු අඩු කිරීම ගැන ලංවිම නිහඬයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site