(අජන්ත කුමාර අගලකඩ)
බස්නාහිර පළාතේ පාසල්වල පළමු වාරය ලබන මස මැද දී පමණ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසුමක දී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බස්නාහිර පළාතේ පාසල් ලබන මස මැද දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.
අනපේක්ෂිත සිදුවීමක් නොවුණහොත් බස්නාහිර පළාතේ සියලු පාසල්වල එකේ සිට 13 දක්වා ශ්‍රේණි සියල්ල ලබන මස මැද දී ආරම්භ කරන බව ද මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් පාසල්වල පළමු වාරය ඉකුත් 11 වැනිදා ආරම්භ කරනු ලැබූ අතර බස්නාහිර පළාතේ පාසල්වල ද අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්ති ලබන 25 වැනිදා ආරම්භ කෙරේ.
බස්නාහිර පළාතේ උපකාරක පන්ති හා පෙර පාසල් ද ලබන 25 වැනිදා සිට ආරම්භ කිරීමට රජය අවසර දී තිබේ.
කොවිඩ් අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මාසයේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් පසුගිය වසරේ දී ඉතා කෙටි කාලයකට විවෘත කරනු ලැබුව ද ඉකුත් ඔක්තෝබර් මාසයේ දී නැවත වසා දමනු ලැබීය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බස්නාහිර පාසල් ලබන මස මැද ඇරෙයි