(අජන්ත කුමාර අගලකඩ)
මාස තුනක විදේශ ණය හා ණය පොලී ආපසු ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක පමණ මුදලක් (රුපියල් කෝටි 18,000ක පමණ) රාජ්‍ය බැංකු තුනකින් ඩොලර් ණය වශයෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ මාසයේ සිට අගෝස්තු දක්වා වන මාස තුනක කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ආපසු ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 99ක් සහ ණය පොලී ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 29ක් වශයෙන් ඩොලර් කෝටි 128 ක පමණ මුදලක් අවශ්‍ය වී ඇති බැවින් මෙම මුදල රාජ්‍ය බැංකුවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ මුදල ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු තුළින් විදේශ විනිමය බැංකු ඒකකවලින් හෝ සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද එම ආරංචිමාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ද වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
ජුනි මස සිට අගෝස්තු මාසය දක්වා මාස තුන තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ණය ආපසු ගෙවීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 32ක් ද විදේශ විනිමය බැංකු ඒකක ණය ආපසු ගෙවීමට ඩොලර් කෝටි 25ක් ද සෙසු විදේශ ණය ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 70ක් පමණ ද වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිටරට ණය ගෙවන්න ආණ්ඩුව ලොකු ණයක් ගනී