ලක්ෂ පහක්ම මහේස්ත්‍රාත් උසාවිවල
(අජන්ත කුමාර අගලකඩ)
මෙරට අධිකරණ පද්ධතිය තුළ, විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 7,81,361 ක් පමණ වන බව අධිකරණ අමාත්‍යාංශය රජයට දැනුම් දී ඇත.
ඉන් නඩු 7,77,029 ක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ, වාණිජ මහාධිකරණ, විශේෂ මහාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ළමා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු වන අතර, නඩු 4,332 ක් කම්කරු විනිශ්චය සභාවල පවතින බව ද අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විශේෂ වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 4,767 ක්ද, අභියාචනාධිකරණ හමුවේ නඩු 4,065 ක්ද, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ හමුවේ නඩු 7,256 ක්ද, වාණිජ මහාධිකරණ හමුවේ නඩු 6,813 ක්ද, විශේෂ මහාධිකරණවල නඩු 4 ක්ද, මහාධිකරණ හමුවේ නඩු 25,095 ක්ද, දිසා අධිකරණ හමුවේ නඩු 2,34,058 ක්ද, මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු 4,93,813 ක්ද, ළමා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු 1,158 ක්ද ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මෙම නඩු කඩිනමින් විසඳීම සඳහා වන යෝජනාවලියක් ද ඇමැතිවරයා සිය වාර්තාව මගින් රජයට යෝජනා කර ඇත.
යල් පැනගිය නීති යාවත්කාලීන කිරීමට නීති ප්‍රතිසංස්කරණය කිරීම, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම, සමස්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම එම යෝජනා අතර වේ.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, රජය විසින් දැනටමත් වැඩි කරනු ලැබ ඇත.
මෙරට අධිකරණ පද්ධතිය තුළ දිනපතා වාර්තාවන නඩු ප්‍රමාණය, දැනට සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවට දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නඩු ලක්ෂ හතහමාරක් උසාවියේ