සුජිත් හේවාජුලිගේ
ඇමැති ධුර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ පවුල්වල සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත් පිරිනමා ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
අලුතින් ඇමැති ධුර ලබාදීම ප්‍රමාද වෙමින් තිබෙන තත්ත්වයක් යටතේ එම මන්ත්‍රීවරුන් කිසියම් ආකාරයකට සැනසීම සහ ඔවුන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙලෙස තනතුරු සහ විවිධ වරප්‍රසාද ලැඛෙන බව පැවසෙන්නේ ඇමැති ධුර බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ පවුලේ එක් සාමාජිකයකුට බැගින්ය.
කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් ඇමැති ධුර මිස වෙනත් වරප්‍රසාද ලබා ගැනීමට කැමැත්තක් නොදක්වන තත්ත්වයක් පවතින බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවත් දස දෙනකුට ඇමැති ධුර ලබා දෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටී. එහෙත් රජය විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැති ධුර ලබාදීම ප්‍රමාද කිරීම නිසා එම මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා එල්ල වෙමින් පවතී. එසේම තීරණාත්මක පනත්වලදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවටද ඇතැමෙක් අනතුරු ඇඟවීම් කරති.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කලකිරුණු පොහොට්ටු මන්ත්‍රී පවුල්වලට වරප්‍රසාද?