IMG-LOGO watawala

2024 මැයි මස 20 වන සඳුදා


කැබ්නට් ඇමැතිවරු 26කට සීමාවෙයි

  • ජී.ඇල්.ට-මෛත්‍රීට-නිමල්ට ඇමැතිධූර
  • දිවුරුම් දීම සිකුරාදා
  • ඇමැතිවරුන්ගේ  විෂය පථය වෙනස් වෙයි

 

(අජන්ත කුමාර අගලකඩ) 

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලබන සිකුරාදා (14) දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


නව කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 26 දෙනකුට සීමා වෙන අතර, එම ඇමැතිවරුන්ගේ හා ඔවුන්ට පැවරෙන විෂය පථ වෙන් කිරීමේ කටයුතු මේ දිනවල සකස් කරමින් පවතින බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද (09) පෙරුවරුවේ කැලණිය රජමහා විහාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත අතර, නව කැබිනට් මණ්ඩලය ලබන සිකුරාදා මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම්දීමට නියමිතව ඇති බව පැවසේ. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නව ආණ්ඩුවේ විදේශ කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයා ලෙස පත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා 
ජනාධිපතිධු​රයේ දිවුරුම් දීමත් සමග පත් කෙරුණු 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ විෂය පථ රැසක් මෙවර වෙනස් වෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. 


කැබිනට් මණ්ඩලයට​ ජ්‍යෙෂ්ඨයන්ට අමතරව අලුත් මුහුණු කීපයක්ද එක්වෙනු ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ද කැබිනට් ඇමැතිධුර දෙකක් හෝ තුනක් හිමිවෙනු ඇති බවත් එම ආරංචිමාර්ග කියයි. 


එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද, නිමල් සිරිපාල ද සිල්වා මහතාටද කැබිනට් ඇමැතිධුර හිමිවීමට නියමිතව ඇත. 
මේ අතර, පසුගිය කැබිනට්ටුවේ නොසිටි පක්‍ෂ නායකයන් කිහිපදෙනකුද මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත්වනු ඇතැයි පැවසේ. 


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 30 කට සීමා වෙන නමුත්, මෙවර කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 26 දෙනකුට පමණක් සීමාවෙනු ඇති බවද වාර්තාවේ. 
මේ අතර, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීම ලබන සතියේ සිදුවනු ඇත. 

 

 



අදහස් (0)

කැබ්නට් ඇමැතිවරු 26කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 198 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 90 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 233 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 211 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 103 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 111 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2378 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site