මහජන ගැලරියට අමුත්තන් කැඳවීම සීමා කරයි
(අජන්ත කුමාර අගලකඩ)
ලබන මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් තේරී පත්වන අභිනව පාර්ලිමේන්තුව කොවිඩ්-19 වයිරසය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව රැස්කිරීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ සතියේ දී පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
එම සෞඛ්‍යය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව ද එම අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.
කොවිඩ් 19 වයිරසය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අදාළ වන සෞඛ්‍ය නිර්දේශ මාලාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ද ඉකුත්දා පවත්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සභා ගැබේ අසුන් ගැන්වීම ගැටලුවක් නොවන නමුත් මහජන ගැලරියට අමුත්තන් කැඳවීම සීමා කරන්නට සිදුවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් පැවැත්වීම, පුස්තකාලය පරිහරණය, මන්ත්‍රීවරුන්ගේ හා අමුත්තන්ගේ භෝජනාගාර ආදිය සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙම නිර්දේශ මාලාවට ඇතුළත් වනු ඇති බව පැවසේ.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුත් මන්ත්‍රීවරුන්ටත් කොරෝනා නීති