IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


අමාත්‍යංශ වියදම් කප්පාදුව අරඹයි

කපාහරින වියදම් ලැයිස්තුව මේ සතියේම ඉල්ලයි 

(අජන්ත කුමාර අගලකඩ)  

එක් එක් අමාත්‍යංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යංශය සියලු‍ම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. 

 
කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දෙන්නැයි ද මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ට දන්වා ඇත. 

 කොවිඩ් අර්බුදය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීමත්, එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත්, සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ.   
 රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ගිය සතියේ දී කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරනු ලැබීය.

   
ප්‍රතිපාදන වෙන්වී තිබුණද, දැනට ආරම්භ කර නොමැති සියලු‍ ව්‍යාපෘති නතර කෙරෙන අතර, අමාත්‍යංශවල නව මිලදීගැනීම්, ඉදිකිරීම් සහ ගොඩනැගිලි අලු‍ත්වැඩියා කටයුතු ද ඊට අනුව තාවකාලිකව අත්හිටුවනු ඇත.   
 මේ අතර, අමාත්‍යාංශ හා ආයතන වල නිලධාරීන්ගේ පැමිණීම පදනම් කරගත් ඉන්ධන දීමනා ආදී දීමනා, සේවයට වාර්තා කරනු ලබන දිනවලට පමණක් ලබාගන්නා ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

   
 මේ වසරේ ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම රුපියල් කෝටි 2,69,400 ක් පමණ වන අතර, එන්නත්කරණය, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක්වූ පවුල් සඳහා සහන සැලසීම, ආදී වියදම් හේතුවෙන් එම වියදම තවත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යංශය ඇස්තමේන්තු කර තිබේ.

 

 



අදහස් (0)

අමාත්‍යංශ වියදම් කප්පාදුව අරඹයි

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 103 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 68 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 207 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 182 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 576 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2061 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1807 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site