IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


50% පළමු වතාවට කාටවත් නැති වෙයි?

වසර 1982 න් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු අපේක්ෂක​ෙයකු සියයට පනහ ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වීමට ඉඩ ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති. මෙවර ජනාධිපතිවරණයේදී ඊට තරග කරන කිසිදු අපේක්ෂක​ෙයකුට 50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වෙනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ජනාධිපතිවරණයකදී කිසියම් අපේක්ෂක​ෙයකු ජයග්‍රාහකයා වශයෙන් පත්වීමට නම් දෙන ලද වලංගු ඡන්දවලින් 50% ක් හා තවත් ඡන්දයක් (50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක්) ලබා ගත යුතු බව ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනතෙහි දැක්වෙන අතර 1982 සිට මේ දක්වා පැවැති ජනාධිපතිවරණවලදී ජයග්‍රහණය කළ සෑම අපේක්ෂක​ෙයකුම 50% ඉක්මවා ඡන්ද ලබා ගත් හෙයින් කිසිදු අවස්ථාවක දෙවැනි තුන්වැනි මනාප ගණනය කිරීමක් සිදු කර නැත.

එබැවින් මුල්වරට දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කිරීමෙන් ජයග්‍රාහකයා තෝරන ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගතවීමට ඉඩ ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති. ජයග්‍රාහී අපේක්ෂකයා 40% ක් හෝ ඊට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවටද දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

1982 සිට පැවති ජනාධිපතිවරණවලදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත්තේ 1994 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එහිදී ඇය හිමි කර ගත් මුළු ඡන්ද ප්‍රතිශතය 62.28% කි. 

2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 52.25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. 2015 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ මෛත්‍රීපාල සිරිසේන  51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ද 2010 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 57.88% ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ගත්හ.

 



අදහස් (0)

50% පළමු වතාවට කාටවත් නැති වෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site