පක්ෂ- විපක්ෂ මත දෙකක්
(අජන්ත කුමාර අගලකඩ)
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව තිබෙන මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩවීමේ අවදානමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් කැමැත්ත පළකර ඇතත් යම් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි දැනගන්නට තිබේ.
දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ විසිවැනි සංශෝධනය අක්‍රීය කිරීම අරමුණු කරගනිමින් ගෙනෙන විසිඑක්වැනි සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
නව සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබෙන ඉඩ ඇහිරීම සහ ජනාධිපතිවරයාගේ බලතලවලින් කොටසක් අගමැතිවරයාට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් විරෝධය පළ කර ඇති බවද දැනගන්නට ඇත. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් සහාය ලබා දෙන නමුත් පිරිසක් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ මත ගැටුමක් ද නිර්මාණය වී ඇති අතර, එය පක්ෂය දෙකඩවීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි පැවසේ.
මේ අතර, විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම හෙට (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
21 වැනි සංශෝධනයෙන් පොහොට්ටුව දෙකඩ වෙයි ?