IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


විශ්වවිද්‍යාල හාන්සියි

ජල බිල් ගොඩගැසෙයි

පසුගිය මාස 5 ට ආචාර්යවරු 500 ක් රට හැර ගිහින්

ආචාර්ය  මහාචාර්යවරුන් 4616 ක් හිඟයි 

රජරට විශ්වවිද්‍යාලයේ  ප්‍රසව හා නාරිවේද මහාචාර්ය ඒකකයේ මහාචාර්යවරු තිදෙනාම  ගිහින්, ඒකකය වහලා

තිබෙන සම්පත්වලින් උපරිමය දෙන්න දැඩි සටනක්

 

අජන්ත කුමාර අගලකඩ

ආචාර්ය මහාචාර්යවරුන්ගේ  සහ උග්‍ර මූල්‍ය හිඟය  හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම බරපතළ ගැටලු‍වක් වී ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල 17 සහ උසස් අධ්‍යාපන ආයතනවල  ආචාර්ය මහාචාර්යවරුන්ගේ අනුමත කාර්යමණ්ඩලය 11,293 ක්  වුවත්, දැනට සිටින්නේ 6,677  දෙනකු  බව එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉරිදා ලංකාදීපයට සඳහන් කළේය.

ඒ අනුව රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් 4,616 දෙනකු ගේ  හිඟයක් පවතින බව ඔහු කීවේය.


රජයේ  විශ්වවිද්‍යාලවල පසුගිය කාලයේ සිටි 8,540 ක් පමණ වූ ආචාර්ය මහාචාර්යවරුන් ගණන මේ වන විට 6,677 ක් දක්වා අඩු වී ඇතැයි ද ඔහු පැවසීය.
ඒ අනුව, විශ්වවිද්‍යාලවල සිටි ආචාර්යවරුන් සංඛ්‍යාවෙන් 1863 දෙනකුගේ පමණ අඩුවක් පසුගිය කාලය තුළ සිදුවී ඇති බවද ඔහු කීවේය.
දෙදහසකට ආසන්න  වන මෙම පුරප්පාඩු සංඛ්‍යාවෙන් තුන්සිය පනස් දෙනකුවත් හදිසියේ බඳවා ගත යුතු වුවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම පිරිස ද බඳවා ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කළේය.


ආචාර්ය මහාචාර්යවරුන් නිවාඩු ලබා විදේශගතවීම හා සේවය හැරයාම  හේතුවෙන් ආචාර්යවරුන්ගේ උග්‍ර  හිඟය නිර්මාණය වී ඇතැයි කී හෙතෙම තත්ත්වය එන්න එන්නම දරුණු වී ඇතැයි  කීවේය.


මේ වසරේ ගතවූ මාස පහ තුළ ආචාර්ය මහාචාර්යවරුන් පන්සිය දෙනකුට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනා සේවය අත්හැර විදේශගතව තිබෙන බවද ඉරිදා ලංකාදීපය කළ සොයා බැලීමක දී තහවුරු විය. 


රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා  නාරිවේද මහාචාර්ය ඒකකයේ සිටි මහාචාර්යවරුන් තිදෙනාම විදේශගතවීම හේතුවෙන් එම ඒකකය වසා දමන්නට සිදුවී ඇති අතර මේ තත්ත්වය විශ්වවිද්‍යාල රැසක පවතින බව අනාවරණය වෙයි. 


රජයේ සේවකයන්ට වසර 5ක නිවාඩු ගෙන පිටරට යාමට අවසර දෙමින් රාජ්‍ය  පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවත්, එය ක්‍රියාත්මක කිරීමට ඉඩ දුනහොත් විශ්වවිද්‍යාලවල සිටින සියලු‍ම ආචාර්යවරුන්  රට හැර යනු ඇති බවත්  විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිලධාරියෙකු  සඳහන් කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට යාමට අවසර නොදෙන නිසා ප්‍රතිපාදන කොමිෂන් සභාව පවා දැනුවත් නොකර පිටරට යාමට ඔවුන් පටන්ගෙන ඇතැයි එම නිලධාරියා කීවේය.


මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රැසක් විදේශ රටවල පුරවැසිභාවය අතේ තබාගෙන සිටීම  බවත්, ඇතැම් අධ්‍යයන අංශවල සිටින  ආචාර්යවරුන්ගෙන් සියයට සීයක්ම පාහේ විදේශ පුරවැසිභාවය ඇති අය බවයි. විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් වැඩි පිරිසක් විදේශ රටවල පුරවැසිභාවය අයදුම් කර ඇතැයි ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේය.


මේ අතර, විශ්වවිද්‍යාලවල නඩත්තු කටයුතු සඳහා මුදල් දීම දැඩි ලෙස සීමා කර ඇති අතර, දැනට  මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ, ආචාර්යවරුන්ගේ වැටුප් දීමනා ආදිය ගෙවීමට පමණක් බවද ව​ාර්තා වේ.


විශ්වවිද්‍යාලවල විදුලි සහ ජල බිල් ගෙවීම ද මේ තත්ත්වය තුළ බරපතළ ගැටලු‍වක් වී ඇතැයි වාර්තා වේ. විශ්වවිද්‍යාලවල පසුගිය කාලයේ කරන ලද ඉදිකිරීම් වෙනුවෙන් ගෙවන්නට ඇති රුපියල් කෝටි 300 ක පමණ බිල්පත්  මුදල් අමාත්‍යංශයේ ගොඩගැසී ඇතැයි වාර්තා වේ.


විශ්වවිද්‍යාලවල ප්‍රාග්ධන වියදම් සඳහා  මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි ද  ලෝක බැංකු ආධාර යටතේ  විශ්වවිද්‍යාලවලට  රුපියල් කෝටි දාහක්,  එක්දහස් දෙසීයක් පමණ මීට පෙර ලැබුණද ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා එම ප්‍රතිපාදන ලැබීම ද නතර වී ඇතැයි වාර්තා වේ.
මේ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද පුරප්පාඩු තිස්තුනක් පමණ ඇති  නමුත්, මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන්, ඒවාටද  බඳවාගැනීම් කිරීමට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ.

 


බරපතළ ගැටලු‍ තිබුණත් උපරිමයෙන් කළමනාකරණය කරනවා

මෙම කරුණු සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ හිඟය සහ මූල්‍ය ගැටලු‍ බරපතළ  ලෙස තිබෙන නමුත්, උපරිම අන්දමින් එම කටයුතු කළමනාකරණය කරගෙන යන බවය.
විශේෂඥ ඥානය හිමි අය බදවා ගැනීමට නොහැකිවීම විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන විශාලම ගැටලු‍වක් බව ද ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
මේ සියලු‍ ගැටලු‍ තිබෙන නමුත් පසුගිය වසර තුනහතරේ දී ලෝක  විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට ඇතැම් විශ්වවිද්‍යාල හාරදහසකින්  ස්ථාන පන්දහසකින් පමණ  ඉහළට පැමිණ ඇති බවද ඔහු  කීවේය.



අදහස් (0)

විශ්වවිද්‍යාල හාන්සියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 323 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site