උපුල් වික්‍රමසිංහ
පාර්ලිමේන්තුවේදී ඉකුත් 24 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායකවරයාගේ අස්සන යෙදීම කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුවී තිබෙන්නේ එම පනත් කෙටුම්පතට කතානායකවරයා සිය අස්සන යෙදීමට පෙර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් පවත්වන ලෙස විපක්ෂය කර ඇති ඉල්ලීමයි.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙහි සඳහන් සියලු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කළ අවස්ථාවේදී ඊට ඇතුළත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ බැවින් ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බව විපක්ෂය නියෝජනය කරන පක්ෂවල අදහස වී ඇත.
අප මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් පසු පක්ෂ නායක රැස්වීමක් පවත්වන ලෙස ඉල්ලීමක් කරන බවත් කතානායකවරයා මේ දක්වා ඒ ගැන ප්‍රතිචාරයක් දක්වා නැති බවත්ය.
මේ පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සංශෝධනය කළ යුතු වගන්ති 31 ක් හඳුන්වා දී ඇතත් ඒ සියලු සංශෝධන පනතට ඇතුළත් කර නැති බැවින් විපක්ෂය මෙලෙස පක්ෂ නායක රැස්වීමක් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නෑ