IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදෙස් බුද්ධි තොරතුරු විපරමට බලඇණි තුනක් පැය 24ම සීරුවෙන්

සුජිත් හේවාජුලිගේ
රටේ ආරක්ෂාවට විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ ප්‍රධානීන්ගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

විදේශයන්ගෙන් ලැබෙන බුද්ධි අංශ වාර්තා ඉතා ඉක්මනින්ම විශ්ලේෂණය කරමින් එම තොරතුරු අදාළ අංශවලට කඩිනමින් යොමු කිරීම සහ එම වාර්තා අනුව අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම මෙම කණ්ඩායම්වලට පැවරෙන වගකීම වේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා ලබා දුන් වාර්තා නිසි පරිදි අධ්‍යයනය නොකෙරුණු බවට පසුගිය කාලයේ දී චෝදනා එල්ල විය. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන, රජයේ ප්‍රධානීන් මෙම නව යාන්ත්‍රණය සඳහා උපදෙස් දී ඇති බව දැන ගන්නට ඇත.
සංචාරක කලාපවල ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව ද ඉන්දීය බුද්ධි සේවා පසුගිය දා කරුණු අනාවරණය කළේය. 
එම කරුණු අනාවරණය වීමෙන් පසු රජයේ ආරක්ෂක අංශ එම සංචාරක කලාපවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පියවර ගත්තේය. එම ප්‍රහාරක සැලසුම සම්බන්ධයෙන් දැනට තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඊට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.
මේ අතර මෙරට සංචාරක කලාපවල ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර සිදු කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරක මෙහෙයුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට ද  බුද්ධි අංශ නිලධාරීහු මේ දිනවල ක්‍රියාත්මක වී සිටිති. මේ අතර රටේ සංචාරක කලාපවලට ආරක්ෂාව සැපයීම දිගටම සිදු කිරීමට රජය තීරණය කර ඇත.

 



අදහස් (0)

විදෙස් බුද්ධි තොරතුරු විපරමට බලඇණි තුනක් පැය 24ම සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site