IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදුලි බිල අඩු කිරීම ජනපති අතේ

  • කොමිසම සියයට 20 කින් විදුලි බිල බස්සයි 
  • මුදල් අමාත්‍යංශයෙන් විමසා තීරණය පසුවට බලශක්ති අමාත්‍යංශය

උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20ක විදුලිබිල අඩුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දුන් පසු මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන විදුලිබිල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණය කරන බව බලශක්ති අමාත්‍යාංශය පසුගිය සිකුරාදා (17දා) නිවේදනය කළේ ය.  ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාට එහි වගකීම පැවරී තිබේ. 

මහජන උපයෝගිතා කොමිසම තමන්ට පවරන ලද බලතල ප්‍රකාරව විදුලිය ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට පසුගිය සිකුරාදා (17දා) තීරණය කළේ ය.
මේ දක්වා එම කොමිෂන් සභාව බොහෝ විට සිදු කළේ විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළව ලංකා විදුලි බල මණ්ඩලයෙන් කොමිසම වෙත යොමු කරන යෝජනා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පමණි. ඒ අනුව, එම ගාස්තු සංශෝධනය එදිනම මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වෙන බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.
මෙම මිල අඩු කිරීමෙන් විදුලිබල මණ්ඩලයට මාස 6කට සිදුවන පාඩුව රුපියල් බිලියන 45කට ආසන්න බව වාර්තා වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි එකඟතාවලට මෙම තීරණය අනුගත ද යන්න සලකා බැලීමට සිදු වෙන බව විදුලි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සියලු කාරණා සලකා බලා ලංකා විදුලිබල මණ්ඩලයේ තීන්දුව ඉදිරි දිනෙකදී නිකුත් කරනු ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා සවස නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙන්නේ මෙම වසරේ මුල් මාස හයක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව හා ඊට අදාළව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රතියෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි බිල සියයට 20 ක ප්‍රතිශතයකින් පහත හෙළීමට තීරණය කළ බවය.
අදාළ විදුලි ගාස්තු සංශෝධනයට අනුව, ගෘහස්ථ අංශය සඳහා සියයට 20 කින් ගාස්තු පහත හෙළා ඇති අතර ආගමික හා පුණ්‍යායතනවල විදුලි ගාස්තු සියයට 21 න් අඩු කර ඇත. 
ඊට අමතරව හෝටල් සඳහා සියයට 31 කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා සියයට 30 කින් ද පොදු කාර්ය කාණ්ඩය වෙනුවෙන් සියයට 12 කින් ද රාජ්‍ය ආයතන හා වීදි ලාම්පු වෙනුවෙන් සියයට 11 කින් ද ගාස්තු අඩු කිරීමට නිර්දේශ කර තිබේ.
කොමිෂන් සභාවේ මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථාවරය විමසීමට අප එම මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යවර්ථ විය.

 



අදහස් (0)

විදුලි බිල අඩු කිරීම ජනපති අතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site