- හැම පළාතකටම අපරාධ කොට්ඨාසයක් මහජන ආරක්ෂක ඇමති
උපුල් වික්‍රමසිංහ
දිවයිනේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට අදාළ පොලිස් වසම් හඳුනාගෙන එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් 400 ක් පමණ අනුයුක්ත කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ඩුබායි ඇතුළු විදේශ රටවල සිට විවිධ අපරාධ කල්ලි මෙහෙයවන පාතාල නායකයන් රතු නිවේදන නිකුත් කිරීම මගින් රටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා කීවේය.
කොළඹ අපරාධ කොට්ඨාසය වැනි අපරාධ කොට්ඨාස සෑම පළාතකම පිහිටුවන බවත් අපරාධ සම්බන්ධ තොරතුරු එම අංශවලට ලබා දිය හැකි බවත් ඒ තොරතුරු මත පදනම්ව අදාළ කොට්ඨාස මගින් විමර්ශන සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.