IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


වසර පහකදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව සමග කළ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 36 ක් පාඩුයි

  • එය රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණයටත් වඩා වැඩියි
  • ඩොලර් බිලියන 18.22 ක වැඩිම පාඩුව චීනයෙන්
  • ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමක් තිබුණත් ඩොලර් බිලියන 15.11 ක පාඩුවක්

උපුල් වික්‍රමසිංහ

වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 36.884 ක පාඩුවක් සිදුව ඇතැයි ද එය රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණය (ඩොලර් බිලියන 36.8) ඉක්මවන අගයක් යැයි ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ හෙළි කරයි.

ශ්‍රී ලංකාව විවිධ රටවල් සමග සිදු කරන ආනයන-අපනයන වෙළෙඳ කටයුතු සලකා බැලීමේ දී වැඩිම අවාසියක් සිදු වෙන්නේ චීනයෙන් බව කී මහාචාර්යවරයා 2024 පමණක් චීනයෙන් මෙරටට ඩොලර් බිලියන 4.28 ක භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්වා ඇතත් එම වසරේදී ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 261 ක භාණ්ඩ පමණකැයි ද එම ගනුදෙනුවලින් රටට ශූද්ධ වශයෙන් ඩොලර් මිලියන 4,019 ක පාඩුවක් සිදුව ඇතැයි ද ප්‍රකාශ කළේ ය. ලංකාව චීනයට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.9 ක් වුවත් මේ අසමානුපාතික වෙළෙඳ ගනුදෙනුවලින් ලබා දුන් ණය මෙන් තුන් ගුණයක මුදලක් වසර පහක දී චීනය උපයා ගෙන ඇතැයි ද ඔහු කීවේය.

චීනයට පසු ශ්‍රී ලංකාවට වැඩිම පාඩුවක් සිදු වෙන්නේ ඉන්දියාව සමග කරන වෙළෙඳ ගනුදෙනුවලින් බවත් 2024 දී අප ඉන්දියාවට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 886 ක් වටිනා භාණ්ඩ වුවත් එම වසරේ දී ඉන්දියාවෙන් මෙරටට ඩොලර් මිලියන 3,740 ක් වටිනා භාණ්ඩ ආනයනය කර ඇති බවත් ඒ අනුව එම ගනුදෙනුවලින් රටට ඩොලර් මිලියන 2,854 ක වෙළෙඳ හිඟයක් හෙවත් පාඩුවක් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේ ය. ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමක් අස්සන් කර ඇතත් එයින් රටට කිසිදු වාසියක් සිදුව නැතැයි ද එරටට යවන භාණ්ඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
ඉන්දියාවට ලංකාව ගෙවිය යුතු මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.36 ක් වුව ද 2024 දී පමණක් දෙරට අතර සිදු කෙරුණු වෙළෙඳ ගනුදෙනුවලින් ඉන්දියාව ඩොලර් බිලියන 2.85 ක වාසියක් ලබා ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය. 

රටට තෙවැනියට වැඩිම වෙළෙඳ අවාසියක් වෙන්නේ සිංගප්පූරුව සමග කරන වෙළෙඳ ගනුදෙනුවලින් බව කී හෙතෙම 2024 දී එරටට ඩොලර් මිලියන 136 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇතත් එරටින් ඩොලර් මිලියන 1,240 ක් වටිනා භාණ්ඩ මෙරටට ගෙන්වා ඇතැයි ද ඒ අනුව එම ගනුදෙනුවලින් ඩොලර් මිලියන 1,104 ක පාඩුවක් රටට සිදුව ඇතැයි ද අනාවරණය කළේ ය. 

ඊට අමතරව 2024 දී තවත් රටවල් කිහිපයක් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට අවාසි සිදුව ඇතැයි පෙන්වා දුන් ඔහු ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් බිලියන එකකට වඩා අවාසියක් ද මැලේසියාව සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 616 ක හිඟයක් ඇතැයි ද පාකිස්තානය සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 377 ක අවාසියක් සිදුව ඇතැයි ද ඉන්දුනීසියාව සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 388 ක පාඩුවක් සිදුව ඇතැයි ද සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතර වාසි සහගත ශේෂයක් පවතින්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය සමග පමණක් යැයි කී මහාචාර්යවරයා ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ඩොලර් මිලියන 2,880 ක් වටිනා භාණ්ඩ අපනයනය කර ඇති බවත් එරටින් ආනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 441 ක භාණ්ඩ ප්‍රමාණයක් බවත් ඩොලර් මිලියන 2,439 ක වෙළෙඳ වාසියක් එම ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් පෙන්වා දුන්නේ ය.

දෙවැනියට වැඩිම වෙළෙඳ වාසියක් බ්‍රිතාන්‍යය සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් රටට ලැබී ඇති බව කී ඔහු ඒ අනුව 2024 දී එරටින් ඩොලර් මිලියන 166 ක් වටිනා භාණ්ඩ ආනයනය කර ඇති බව ද මෙරටින් ඩොලර් මිලියන 924 ක් වටිනා භාණ්ඩ එරටට අපනයනය කර ඇති බව ද එම වෙළෙඳ ගනුදෙනුවල වාසිය ඩොලර් මිලියන 758 ක් බව ද කීවේය. ඊට අමතරව ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය යන රටවල් සමග 2024 දී කළ වෙළෙඳ ගනුදෙනුවලන් ශ්‍රී ලංකාවට වාසි සහගත වෙළෙඳ ශේෂයක් පවතින බව ද අනාවරණය කළේ ය.

රටට අවාසිසහගත වෙළෙඳ ශේෂයන් පවතින රටවල් සමග සිදු කරන වෙළෙඳ ගනුදෙනු නැවත සමලෝචනය කර ඒ ඒ රටවල පාරිභෝගිකයන් අතර ඉහළ ඉල්ලුමක් ඇති භාණ්ඩ අපනයනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කළ යුතු බව ද ඊට අවැසි නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත යුතු බව ද කී හෙතෙම විශේෂයෙන් ම චීනයෙන් මෙරටට ගෙන්වන කොසු, ඉදල් හා වෙනත් ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ මෙරටට සැබැවින්ම ගෙන්විය යුතු දැයි සොයා බැලිය යුතු බවත් එම ප්ලාස්ටික් භාණ්ඩ හේතුවෙන් රටේ පරිසරයටත් විශාල හානියක් සිදු වෙන බවත් පැහැදිලි කළේ ය.

 

 

 

 

 



අදහස් (0)

වසර පහකදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව සමග කළ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 36 ක් පාඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ජයාරූප

වසර පහකදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව සමග කළ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 36 ක් පාඩුයි
2025 අප්‍රේල් මස 26 613 0

වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 36.884 ක පාඩුව


තානාපතිවරුන්ට ටාගට් අපනයන ආදායම් වැඩි කිරීමට උපදෙස්
2025 අප්‍රේල් මස 19 248 0

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරු


ට්‍රම්ප්ගේ බද්දට එරෙහිට සියලු පක්ෂ එක්වෙති
2025 අප්‍රේල් මස 12 127 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටය



කැබිනට් අනුමැතිය ලැබුණොත් සෝලා විදුලිය හාන්සියි
2025 මාර්තු මස 29 474 0

අලුතින් පද්ධතියට එක් කරන, වහළ මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 27 ක මුදල රුපියල් 10 කට වැඩි මුදලකින් අඩු කිරීම


උපයන විට ගෙවීමේ බදු අයකරන සීමා වැඩිකිරීමෙන් අප්‍රේල් සිට රජයට කෝටි 4200ක් අහිමි වෙයි
2025 මාර්තු මස 22 332 0

ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවන බදුවලට යටත් වෙන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළ පසු 2025 වසරේ දී රජයට රුපියල් කෝ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 517 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 138 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site