IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැබිනට් අනුමැතිය ලැබුණොත් සෝලා විදුලිය හාන්සියි

සෝලා අධෛර්යවත් කිරීම  අදානිගේ සුළං විදුලියට තල්ලුවක්ද?

උපුල් වික්‍රමසිංහ

අලුතින් පද්ධතියට එක් කරන, වහළ මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 27 ක මුදල රුපියල් 10 කට වැඩි මුදලකින් අඩු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ හොත් වහළ මත සූර්ය පැනල සවි කිරීමේ කටයුතුවලින් විදුලි පාරිභෝගිකයන් විශාල වශයෙන් ඉවත් විය හැකි බව විදුලිය සංගම් පෙන්වා දෙයි. එනිසා 2030 දී සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීම දුෂ්කර විය හැකි බව එම සංගම් පවසයි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසන්නේ වහළ මත සවි කරන සූර්ය පැනලවලින් ජනනය කරන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකිණීමෙන් ගෘහයක් ලද මාසික ආදායම මේ තීරණයත් සමග රුපියල් දොළොස් දහසකින් පමණ අඩු විය හැකි බවත් ඒ හේතුවෙන් සූර්ය පැනල කට්ටල මිලදී ගැනීම සඳහා බැංකුවලින් ණය ගැනීම අසීරු වීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ඇති බවත්ය. 
පියැසි මත සූර්ය පැනල සවි කළ නිවාස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේවනවිට රටේ ඇති බව ද මේ තීරණය ක්‍රියාත්මක වුව හොත් ඉදිරියේදී සූර්ය බල විදුලියට ජනතාව යොමු නොවනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය. 

එසේම වහළ මත සවිකරන සෝලා පැනල ප්‍රචලිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකිව තිබියදී මේ උත්සාහ කරන්නේ අදානි ග්‍රීන් එනර්ජි සමාගමට සිය සුළං විදුලිය විකුණාගැනීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීමදැයි සංජීව ධම්මික මහතා ප්‍රශ්න කළේය. 

මේ වෙන විට කිලෝ වොට් පැය 500 දක්වා සූර්ය විදුලිය ඒකකයකට රුපියල් 27 ක් ගෙවන අතර අදාළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙන්නේ ඉදිරි වසර 20ක කාලය සඳහා කිලෝ වොට් පැය 0 සිට 20 දක්වා විදුලිය ඒකකයකට රුපියල් 19.61 ක් ද කිලෝ වොට් 20 සිට 500 දක්වා රුපියල් 17.46 ක් ද කිලෝ වොට් 100 ට වඩා වැඩි 500 දක්වා රුපියල් 15.49 ක් ද ගෙවීමටය.

ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ සෝලා විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කිරීමෙන් අධික පිරිවැයක් සහිත තාප විදුලියට ගමන් කිරීමට සිදු වෙනු ඇති බවත් සූර්ය බල විදුලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මේ තීන්දුව ගෙන ඇති බවත්ය.

දැනට සෝලා කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාකාරී ආයතන 700 ක් පමණ තිබෙන බව ද මේ තීරණයත් සමග එම ආයතන බොහොමයක කටයුතු ඇනහිටිය හැකි බව ද කී සංජීව ධම්මික එහි ප්‍රතිඵලයක් ලෙස වහළ මත සවි කර ඇති සූර්ය පැනලවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිරීම පවා ඉදිරියේ දී අභියෝගාත්මක විය හැකි බව ද කීවේය. 

රජය සහ පෞද්ගලික අංශය මේ වෙන විට විදුලියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ප්‍රචලිත කිරිමේ උත්සාහයක යෙදී සිටියදී සෝලා විදුලියට යොමුවීම අධෛර්යවත් කිරීම විමතියට හේතුවක් වී තිබේ. එසේම ලෝකයේ බොහෝ රටවල් ඉතා වේගයෙන් සෝලා විදුලියට යොමු වෙද්දී ශ්‍රී ලංකාව පසුගාමී පියවරක් ගතහොත් එය ආර්ථිකයට දැඩි බලපෑමක් කරනු ඇතැයි විදුලි බල විශේෂඥයෝ පවසති. 

 

 



අදහස් (0)

කැබිනට් අනුමැතිය ලැබුණොත් සෝලා විදුලිය හාන්සියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site