IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උපයන විට ගෙවීමේ බදු අයකරන සීමා වැඩිකිරීමෙන් අප්‍රේල් සිට රජයට කෝටි 4200ක් අහිමි වෙයි

උපුල් වික්‍රමසිංහ

ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවන බදුවලට යටත් වෙන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කළ පසු 2025 වසරේ දී රජයට රුපියල් කෝටි 4,200 ක පමණ බදු ආදායමක් අහිමි විය හැකි බවත් දැනට එම බදු ගෙවන පිරිස තවත් ලක්ෂ එකහමාරකින් පමණ අඩු විය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

ලක්ෂ 80ක් (හැත්තෑ අට ලක්ෂ තිස් අට දහස් හත් සියය අනූ තුනක්) පමණ වෙන රටේ මුළු ශ්‍රම බළකායෙන් බදු දැලට හසු වෙන පිරිස ලක්ෂ 8 ක් පමණක් බවට ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූ අතර ඒ සම්බන්ධව කළ විමසීමේ දී මහාචාර්යවයා මේ බව සඳහන් කළේ ය.

අප මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේ දී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ශ්‍රම බළකායේ කොපමණ පිරිසක් සිටිය ද මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂය නොඉක්මවන්නේ නම් ඔවුන් ආදායම් බදු ගෙවීමට යටත් නොවන බවත් අප්‍රේල් සිට උපයන විට ගෙවීමේ බදු අය කරන ආදායම් සීමාව වැඩි කළ පසු බදු ගෙවන පිරිස තවත් අඩු විය හැකි බවත්ය. 

මේ වෙනවිට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංක (TIN) ලක්ෂ 70 ඉක්මවන ප්‍රමාණයක් නිකුත් කර ඇති බව කී එම නිලධාරියා ඒවායෙන් එක් එක් පුද්ගලයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් හඳුනා ගැනීමෙන් පසුව බදු ගෙවන්නන් වශයෙන් ලියාපදිංචි කරන බවත් ටින් අංකයක් ලබා ගන්නා සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු බව එයින් අදහස් නොවෙන බවත් පැවසීය.

ලංකාවේ මාසික ආදායම රු. ලක්ෂය ඉක්මවා උපයන පිරිස අඩු ප්‍රමාණයක් බව කී මහාචාර්යවරයා 2022 අවසන් වෙන විට උපයන විට ගෙවන බදු ගෙවා ඇති පිරිස 41,636 ක් යැයි ද එම බදුවලට 2023 දී ගෙනා සංශෝධන අනුව බදු ගෙවූ ප්‍රමාණය එම වසරේ දී 242,679 දක්වා වැඩි වී යැයි ද කීවේය.

උපයන විට ගෙවීමේ බදුවලින් රජයට 2023 දී රුපියල් බිලියන 144 ක් ද 2024 දී රුපියල් බිලියන 197 ක් ද ලැබී ඇති බවත් 2025 වසර සඳහා එම බදුවලින් රජය රුපියල් බිලියන 156 ක ආදායමක් අපේක්ෂා කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. මේ අනුව අඩු වෙන ආදායම රුපියල් බිලියන 50 ක් හෙවත් කෝටි 4200 ක් වෙන බවත් ඔහු කීවේය.

ලබන අප්‍රේල් මාසයේ සිට උපයන විට ගෙවීමේ බදුවලට යටත් මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වාත් වාර්ෂික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 12 සිට 18 දක්වාත් ඉහළ නංවනු ලබයි.

 

 

 



අදහස් (0)

උපයන විට ගෙවීමේ බදු අයකරන සීමා වැඩිකිරීමෙන් අප්‍රේල් සිට රජයට කෝටි 4200ක් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site