IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇමෙරිකන් බද්දෙන් ආර්ථිකය අඳුරේ

බදු කල්දමා ගැනීමට හෝ අඩු කර ගැනීමට ඇමෙරිකාව සමග වහාම සාකච්ඡා කරන්න

ට්‍රම්ප් ජනාධිපතිවරණයට පෙර කියූ දේ ගැන අප උනන්දු වූයේ නෑ 

- ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති 

උපුල් වික්‍රමසිංහ

වසර 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත්භාවයට පත් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සමග ඉදිරියට යමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන හෙයින් ඒ පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාව සඳහා පනවා ඇති සියයට 44 ක තීරු බදු ක්‍රියාත්මක වීම වසර කිහිපයකට කල්දමා ගැනීමට කටයුතු කළ යුතු යැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ඉරිදා ලංකාදීපය වෙත පැවසුවේ දැනට පවතින ඩොලර් බිලියන 12 ක් වෙන මෙරට වාර්ෂික අපනයන ආදායම 2027 වෙනවිට ඩොලර් බිලියන 16 දක්වා වැඩි කර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑම අවිනිශ්චිත බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිගමනය කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා සියයට 44 කින් තීරු බදු වැඩි කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණයෙන් මෙරට අපනයන ආදායම් තවත් අඩු වී රටේ ආර්ථික ගමන්මග අඩපණ විය හැකි බව සංඛ්‍යා දත්ත මගින් පෙන්වා දී මෙම තීරණය ක්‍රියාත්මක වීම කල්දැමීමට කටයුතු කළ යුතු බවය.

“ඇමෙරිකාවේ වෙළෙඳ හිඟය ඩොලර් ට්‍රිලියන 1.2 ක්. පසුගිය කාලයේ ආනයන වියදම් වැඩි වෙලා. ඒ නිසා ඇමෙරිකාව කියන්නෙ මේ අර්බුදය විසඳගන්න නම් වෙළෙඳ ශේෂය අවම කරගන්න ඕනෑ කියලා. ඒ මත තමයි මේ තීරු බදු පැනෙව්වෙ. ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 3 ක පමණ භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරනවා. නමුත් ලංකාව ආනයනය කරන්නෙ ඩොලර් මිලියන 380 ක පමණ භාණ්ඩ. ලංකාව සමග ගනුදෙනු කරද්දි තමන්ගෙ වෙළෙඳ ශේෂය ඩොලර් බිලියන 2.6 කින් වැඩි වුණා කියලා ඇමෙරිකාව කියනවා” තීරු බදු පැනවීමේ පදනම පැහැදිලි කරමින් හෙතෙම පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේදීත් මෙම තීරු බදු පැනවීම ගැන සංඥා ලබා දුන් හෙයින් එවක පටන් මේ ගැන සාකච්ඡා ආරම්භ කළේ නම් තත්ත්වය මේ තරම් බැරූරුම් වීමට ඉඩ නොතිබූ බව සිහිපත් කළ මහාචාර්යවරයා මෙම නව තීරු බදු එළැඹෙන අප්‍රේල් 09 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත හෙයින් දැන්වත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීම වැදගත් බව ද ප්‍රකාශ කළේ ය.

මේ අතර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගිය 3 වැනි දින මාධ්‍ය සාකච්ඡාවකදී කීවේ මෙම තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සමග සාකච්ඡා පවත්වන බවය. 

මේ සම්බන්ධයෙන් වෙන අභ්‍යන්තර සාකච්ඡා මේ වෙනවිටත් ආරම්භ කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වෙන සාකච්ඡා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඇමෙරිකානු රජය වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් පසු වෙන බවත් ඔහු කීවේය.

ට්‍රම්ප් පරිපාලනය විසින් පනවනු ලැබූ නව තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමටත් ඒ සම්බන්ධයෙන් වෙන නිර්දේශ රජයට ඉදිරිපත් කිරීම සඳහාත් ජනාධිපතිවරයා විසින් පසුගිය 3 වැනි දින කමිටුවක් ද පත් කරනු ලැබීය.

මෙරට වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12 ක් වෙන අතර ඉන් සියයට 25ක් හෙවත් ඩොලර් බිලියන 3 ක් පමණ ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. 2024 වසරේ දී ඇමෙරිකාවෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 2.9 කි.

 

 

 



අදහස් (0)

ඇමෙරිකන් බද්දෙන් ආර්ථිකය අඳුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site