IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තානාපතිවරුන්ට ටාගට් අපනයන ආදායම් වැඩි කිරීමට උපදෙස්

මාස තුනකට වරක් කාර්යසාධනය විමසුමට

උපුල් වික්‍රමසිංහ

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට 2025 වසරට අදාළව ඒ ඒ රටවලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ඉලක්ක ලබා දී ඇත.

සියලුම තානාපතිවරුන්ගේ හා මහ කොමසාරිස්වරුන්ගේ කාර්යසාධනය මාස තුනකට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) වෙත වාර්තා කිරීමටත් මේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් කිරීමටත් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

වෙනත් රටවල් සමග එළැඹිය හැකි තීරු බදු ගිවිසුම් සම්බන්ධයෙන් රජයට යෝජනා කරන ලෙසත් ඒ ඒ රටවල වෙළෙඳපොළවල් වෙත ලංකාවෙන් යැවිය හැකි නිෂ්පාදන හා ඒවායෙහි විභවතා ගැන වාර්තා කරන ලෙසත් අපනයන සංවර්ධන අමාත්‍ය සභා රැස්වීමේදී තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට දැනුම් දුන් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. වෙළෙඳ ප්‍රදර්ශන, දූත මණ්ඩල සාකච්ඡා සහ ආයෝජන සාකච්ඡා ආදිය මේ වෙනුවෙන් සංවිධානය කිරීමට අපේක්ෂිත බවත් ඔහු සඳහන් කළේ ය.

වසර 2025 දී ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් ද 2030 වෙනවිට ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ද ළඟා කර ගැනීමට අපේක්ෂිත බැවින් එම ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් මෙලෙස තානාපති අංශ යොදා ගැනීමට තීරණය කර ඇතැයි කී සභාපතිවරයා ඒ වෙනුවෙන් වසර 28 කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව පිහිටුවූ බවත් එයින් අපනයන ආදායම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි බවත් පෙන්වා දුන්නේ ය. 

ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ජාලයේ පාර්ශ්වකරුවෙකු කිරීමට කටයුතු කරන බවත් හේ කීවේය.

මේ අතර තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ලබන සතියේදී ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදී එරටේ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී තීරු බදු අඩු කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂිතය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ එම සාකච්ඡාවල දී මෙරටින් ඇමෙරිකාවට අපනයනය කළ හැකි භාණ්ඩ මත වෙන වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම පිළිබඳව සාකච්ඡා කළ හැකි නම් එයින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කිරීමට අවස්ථාව උදාවෙන බවය.

 



අදහස් (0)

තානාපතිවරුන්ට ටාගට් අපනයන ආදායම් වැඩි කිරීමට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site