IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රෝහල් රැසක බෙහෙත් තොග නරක් වෙලා

අඩු උෂ්ණත්වයක තිබිය යුතු බෙහෙත් වැඩි උෂ්ණත්වයක ගබඩා කරලා

හොඳ බෙහෙත් අස්සට බාල බෙහෙතුත් රිංගවලා

සුජිත් හේවාජුලිගේ

අඩු උෂ්ණත්ව අගයන් තුළ තැබිය යුතු ඖෂධ 17 ක්   ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශවල සහ රෝහල් රැසක වැඩි උෂ්ණත්ව සහිත ගබඩාවන්හි තැන්පත් කර තිබීම  හේතුවෙන් එම ඖෂධ විනාශවීමේ අවදානමක් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.


සෙල්සියස්  අංශක 25 ට අඩු උෂ්ණත්වයක තැබිය යුතු එම ඖෂධ 17 සෙල්සියස් අංශක 30 ට වැඩි උෂ්ණත්වයක් යටතේ ගබඩාවන්හි තැන්පත් කර තිබූ බව පැහැදිලිවම  නිරීක්ෂණය වීයැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

මෙසේ වැඩි උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කර තිබූ ඖෂධ අතර ආසාත්මිකතා, අධි රුධිර පීඩන රෝග සඳහා භාවිත කරන බෙහෙත්  මෙන්ම ප්‍රතිජීවකද තිබූ බව එහි දැක්වේ. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ විගණන අංශ ගම්පහ සහ අනුරාධපුර ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශවල සහ මීරිගම මූලික රෝහල හා අනුරාධපුර ශික්ෂණ රෝහල පරිශ්‍රයන්හි කළ භෞතික විගණන පරීක්ෂණවලදීය.


මේ අතර, වේයන්ගොඩ ගබඩාව, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සහ  ගම්පහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල  කල් ඉකුත්වූ ඖෂධ නවයක් අනෙකුත් ඖෂධ සමග රඳවා තිබූ බවත්, මෙලෙස සාමාන්‍ය ඖෂධ සමග රැඳවීම හේතුවෙන් එම කල් ඉකුත්වූ  ඖෂධ ද රෝගීන්ට  නිකුත්වීමේ අවදානමක් පැවති බවත්  විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී  ඇත.


මේ තොරතුරු සඳහන් වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඖෂධ නියම උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩාකර පවත්වාගෙන යන ලෙසට සියලු‍ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර ඇති බවයි.

 



අදහස් (0)

රෝහල් රැසක බෙහෙත් තොග නරක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site