IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී

වියදමෙන් සියයට 91 ක් පඩි ගෙවන්න

සුජිත් හේවාජුලිගේ

රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක්  ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ  මහාචාර්ය  වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අතර මෙම වසරේ මුල් මාස පහ තුළ  රජයේ සාමාන්‍ය දිනක වියදම රුපියල් කෝටි 1,425 ක් බව පැවසූ මහාචාර්යවරයා, රජයේ දිනක සාමාන්‍ය ආදායම රුපියල් කෝටි 748 ක් බවද ප්‍රකාශ කළේය. මේ අනුව තම සියළු  වියදම් පියවා ගැනීම සඳහා රජයට දිනකට රුපියල් කෝටි 677කට ආසන්න ණය මුදලක් ගැනීමට සිදුව ඇතැයිද  ඔහු කීවේය.
රජය සිය වියදමින් සියයට 91 ක් දරන්නේ පුනරාවර්තන වියදම් (පඩි නඩි) සඳහා බවත් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කෙරෙන්නේ සියයට  9 ක්  පමණක් බවත්  වසන්ත අතුකෝරළ මහතා පැවසීය.


මේ අතර, මෙම වසරේ පසුගිය මාස පහ තුළ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 112,243 ක් බවටත් රජයේ වියදම රුපියල් කෝටි 213,710ක් බවටත්  වාර්තා වන්නේ යැයි හෙතෙම සඳහන් කළේය. රජය 2023 අයවැය අනුව ආදායම ලෙස රුපියල් කෝටි 34,1500 ක් අපේක්ෂා කළද මුල් මාස පහ තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 112,243 ක් පමණක් බවද ඔහු පැවසුවේය.


ඒ අනුව රජයට මාසයකට ලැබෙන ආදායම කෝටි 22,540 ක් බව පැවසූ මහාචාර්යවරයා,  රජයේ ආදායම මෙලෙස පැවතුණහොත් මේ වර්ෂය සඳහා රජයට ආදායම් ලෙස ලැබෙණුයේ කෝටි 269,380ක් පමණක් බවද ප්‍රකාශ කළේය.
එය අපේක්ෂිත ආදායමෙන් සියයට 79ක් බවද ඔහු කීය.


මේ තත්ත්වය නිසා රජයට  සිය ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි ලක්ෂ 9 කින් වැඩිකරගැනීමට සිදුවී ඇතැයි පැවසූ අතුකෝරළ මහතා රටේ දේශීය ණය තොගය දෙගුණයක් බවට පත්වී අවසන් බවද  සඳහන් කළේය.

 



අදහස් (0)

රජයේ දවසක ණය බර කෝටි 343 ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site