
අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් ගණන ලබන 2030 වෙන විට ලක්ෂයක් පමණ දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර ඇත. යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇති අතර, එය හරි අඩකින් පමණ අඩු කිරීම රජයේ ඉලක්කය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය, වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වෙන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂයක් පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය.
ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය.
දෙලක්ෂය ඉක්මවන යුද හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂයක් පමණ දක්වා අඩුකර, යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජයේ සැලසුම් වී ඇතැයි ඔහු කීවේය.
මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ අතර, සිවිල් ආරක්ෂක බළකායේ තිස් තුන් දහසක පමණ පිරිසක් සිටින බව කී ඇමතිවරයා, එය ද විශාල වශයෙන් අඩු කිරීමට සැලසුම් කර ඇතැයි කීවේය.
යුද හමුදාවේ 4,000 ක පමණ පිරිසක් ද සිවිල් ආරක්ෂක බළකායේ 4000 ක පමණ පිරිසක් ද ආගමික ස්ථානවල කටයුතු සඳහා යොදවා ඇතැයි කී ඇමතිවරයා, එම පිරිස ද අඩු කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය. මේ අතර, හමුදා සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් වැඩබිම්වල ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා ඇති අතර,ඒවා ද යම් සීමාවකට යටත් කිරීමට සැලසුම් කර ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාව ලක්ෂෙට බස්සයි