සුජිත් හේවාජුලිගේ
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මේ අනුව එම වර්ෂයේ එක් මාසයකදී විදේශ රුකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව දළ වශයෙන් 24,900කි. ඉකුත් 2023 වර්ෂයේ පළමු කාර්තුවේදී හැත්තෑ හය දහස් තිහක්ද දෙවැනි කාර්තුවේදී 60,795ක්ද තුන්වැනි කාර්තුවේදී 77,308ක්ද විදේශ රුකියා සඳහා මෙසේ පිටව ගොස් ඇත.
මෙලෙස විදේශ රුකියා සඳහා පිටව ගොස් ඇති පිරිසෙන් සියයට 28.3 ක් සාමාන්‍ය නිපුණතා ඇති අය බවත්, සියයට 28.5 ක් ඉහළ නිපුණතා ඇති අය බවත් ඔහු කීවේය.
මෙයට අමතරව ලිපිකරැ සහ මධ්‍යම ප්‍රමාණයේ නිපුණතා ඇති අය සියයට 7.2 ක්ද වෘත්තීය මට්ටමේ සුදුසුකම් ඇති සියයට 5.1ක්ද විදේශගතව සිටින බව හෙතෙම පැවසීය.
රුකියා සඳහා විදේශගත වූ පිරිසෙන් සියයට 77.4ක් මැද පෙරදිගටද සියයට 7.4 ක් යුරෝපයටද සියයට 4.1ක් දකුණු ආසියාවටද පිටව ගොස් ඇති බව ඔහු කීවේය.
මේ අතර පසුගිය වසරේදී විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ලැබුණු ආදායම ඩොලර් කෝටි 600 කට ආසන්න බව මහාචාර්යවරයා කීය.
මෙමගින් ගෙවුම් ශේෂයට යම් සහනයක් ලැබුණද මෙම විදේශගත ශ්‍රමිකයන්ගේ දරැ පවුල්වලට යම් සහන වැඩපිළිවෙළක් රජය හරහා සිදුව නැති බව ඔහු පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාස නවයකට 224,000 ක් රට රැකියා වලට ගිහින්