උපුල් වික්‍රමසිංහ
තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කර නැතත් සිය සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමන් සතුව නොමැති හෙයින් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායක අශෝක රංවල දෙසැම්බර් 13 වැනිදා (සිකුරාදා) සිය ධුරයෙන් ඉල්ලා වෙමින් ප්‍රකාශ කළේය. තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයෙහි මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන් මෙම තීරණය ගත් බව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් කථානායකවරයා වැඩි දුරටත් කියා සිටියි. සුදුසුකම් තහවුරු කරන ලියකියවිලි මේ අවස්ථාවේදි නොමැති බැවින්....
ඒවා කඩිනමින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සිය ලිපියේ
දක්වා තිබේ. “ මා හට ආචාර්ය උපාධියක් ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මම මෙයින් දැනුම් දෙමි” යැයි ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වෙයි.
අශෝක රංවල විසින් ඉල්ලා අස්වීම භාර දීමට පෙර සිකුරාදා උදෑසන ජනාධිපතිවරයා පවසා සිටියේ ජනතාව තමා ඇතුළු මාලිමා රජය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙන අයුරින් ආණ්ඩුවේ කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද ක්‍රියා කර තිබේ නම් එවැනි පුද්ගලයන් තවදුරටත් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බව යි. ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ ප්‍රමිතිගත රටක් බිහිකිරීමේ අරමුණින් බව පවසා ඇති ජනාධිපතිවරයා එම ජනතා අපේක්ෂාවට පිටින් ආණ්ඩුවේ කවර තරාතිරමක හෝ පුද්ගලයකු කටයුතු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
මීට පෙර අවස්ථා දෙකකදී කථානායකවරුන් ඉල්ලා අස්වී ඇති අතර එහි පළමු අවස්ථාව වන්නේ ශ්‍රී ලංකා දේශපාලාන ඉතිහාස කථාවේ පළමු කථානායක වූ ෆ්‍රැන්සිස් මොලමුරේ ඉල්ලා අස්වූ අවස්ථාවයි. වසර 3 ක කාලයක් කථානායක ලෙස කටයුතු කළ ඔහු 1934 දෙසැම්බර් 10 දා ඉල්ලා අස්විය. එයින් පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ පළමු පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් එවක රජයෙන් අමාත්‍ය ධුරයක් ලබාගැනීම සඳහා කථානයක ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ එම ධුරයට පත්වී දින 6 කිනි. අශෝක රංවල කථානායක ධුරයට පත්ව දින 23 කින් එම ධුරයෙන් ඉල්ලා අස්විය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මං බොරු කිව්වේ නෑ ඉල්ලා අස්වෙමින් කථානායක කියයි ඉදිරියේදී අධ්‍යාපන සුදුසුකම් හෙළිකරනවා