IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පුංචි ආණ්ඩුවල බලය ගන්න පොරයක් මන්ත්‍රීන් බිලිබාන්න රහස් සාකච්චා

සුජිත් හේවාජුලිගේ

පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත. බලය පිහිටුවීමට සහාය දෙන්නේ නම් විවිධ වරප්‍රසාද හා වරදාන ලබාදීමටද ඒ ඒ පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබාගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටී. බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලු‍වක් මතුවුවහොත් අධිකරණයට යෑමටද පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන්  දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික ධුර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධුර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ සභා විසි නවයක සභිකධුර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධුර සංඛ්‍යාවට සමාන වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

මෙම සභාවලින් බොහොමයක ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගයට සභික ධුර 48ක් හිමිව තිබිය දී විපක්ෂයට සභිකධුර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත් එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. 

මේ තත්ත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ  ඇතුළු  සෘජු තනි බලයක් නොමැති  සභාවන්හි පාලන බලය පිහිටුවීමට වැඩි කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (0)

පුංචි ආණ්ඩුවල බලය ගන්න පොරයක් මන්ත්‍රීන් බිලිබාන්න රහස් සාකච්චා

ඔබේ අදහස් එවන්න

 

 
 

ජයාරූප

පුංචි ආණ්ඩුවල බලය ගන්න පොරයක් මන්ත්‍රීන් බිලිබාන්න රහස් සාකච්චා
2025 මැයි මස 10 24 0

පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ රහසිගත සාකච්ඡා අරඹා ඇත. බලය පිහ


හමුදාවෙන් පැන අපරාධ කරන 3000ක් අල්ලන්න හොයයි
2025 මැයි මස 03 138 0

හමුදාවෙන් පැනගොස් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් 3,000කට ආසන්න පිරිසක් මෙරට සහ විදේශයන්හි සිටින බව හඳුනාගෙන ඇති බවත් මුලින්ම ඔවුන් අත්ඩංගුවට ගැ


වසර පහකදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව සමග කළ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 36 ක් පාඩුයි
2025 අප්‍රේල් මස 26 681 0

වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 36.884 ක පාඩුව


තානාපතිවරුන්ට ටාගට් අපනයන ආදායම් වැඩි කිරීමට උපදෙස්
2025 අප්‍රේල් මස 19 257 0

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරු


ට්‍රම්ප්ගේ බද්දට එරෙහිට සියලු පක්ෂ එක්වෙති
2025 අප්‍රේල් මස 12 137 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටය



මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 670 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1388 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site