IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කළාට පසු මනත්‍රි වරු අඩුවෙන් කති 2023 දී වියදම කෝටි 23ක්

සුජිත් හේවාජුලිගේ
දෛනික ආහාර මිල රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ විවිධ හේතු මත පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර නොගන්නා බවය.
එමෙන්ම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක් පමණක් පානය කරන බව අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ. කොළඹ සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනකු උදෑසන නිවෙස්වලින් ආහාර ගෙන පැමිණෙන අතර දවල් ආහාරය සඳහා නිවෙස්වලට යන බව පැවසේ.
පාර්ලිමේන්තු ආපන ශාලාවේ මන්ත්‍රීවරයකුගේ දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල් 450.00ක් ලෙසය. (උදෑසන ආහාර රුපියල් 100.00, දිවා ආහාර රුපියල් 300.00 හා තේ පානය සමග කෙටි කෑම රුපියල් 50.00)නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල රුපියල් 2000 ක් දක්වා වැඩි කෙරිණි. (උදෑසන ආහාර රුපියල් 600.00, දිවා ආහාර රුපියල් 1,200.00 හා තේ පානය සමග කෙටි කෑම රුපියල් 200.00)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සඳහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය පවසයි. සේවා පිරිවැය ඊට ඇතුළත් නොවෙන හෙයින්  මන්ත්‍රීවරුන්ට දෙන කෑම වේලෙන් තවමත් පාඩුවක් ඇති බව එම අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය හැකි උපරිමයෙන් වළක්වන ලෙස කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ ඇතුළු  ගොඩනැගිලි කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කථානායකවරයා මෙසේ උපදෙස්දී ඇත.
පාර්ලිමේන්තු මුළුතැන්ගේ යම් සැලකිය යුතු ආහාර නාස්තියක් සිදුවන බව කාලයක සිටම පෙනී ගොස් ඇති කාරණයකි. මේ අතර පාර්ලිමේන්තුවට කිතුල් හකුරු, කිතුල්පැනි, රස කැවිලි, පලතුරු, එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2023 වර්ෂයේදී රුපියල් විසිතුන් කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශත අනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේ දී වැය කෙරුණු මුදල රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහකි.
පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව 2023  වර්ෂයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 91කට සහ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ට හා කාර්යමණ්ඩලයේ 3,71,192 දෙනකුට භෝජනාගාර පහසුකම් සපයා තිබු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එම  වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
බටලන්ද වාර්තාව....
බටලන්ද ඝාතන අසා....
පාරවල් නැතත්....
වසර 5 ට වැඩි නම්....
හිටපු ආණ්ඩුකාරවරයෙක්....
පහේ ශිෂ්‍යත්ව....
ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිසත්‍රික්කවල කඩයිම් ලකුණු ද මීට සමාන වේ. වවුනියා දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ලකුණු සංඛ්‍යාව  130කි. දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ගණන 139කි.මේ පිළිබඳ සම්පූර්ණ විස්තර www.lankadeepa.lk වෙබ් අඩවියෙහි පළ කර ඇත.
අන්තර්ජාල කැසිනෝව....

 



අදහස් (0)

පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කළාට පසු මනත්‍රි වරු අඩුවෙන් කති 2023 දී වියදම කෝටි 23ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site