
ඉන්දික හේවාවිතාරණ
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 76,086ක් වාර්තා වී තිබෙන අතර, ඩෙංගු නිසා පුද්ගල මරණ 46ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඩෙංගු රෝගය මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ 54 ක අධිඅවදානම් මට්ටමින් පැතිර යන බවත්, පසුගිය නොවැම්බර් මාසය තුළදී ඩෙංගු
රෝගීන් 7,593 ක් වාර්තා වී තිබෙන බවත් ඔවුහු සඳහන් කරති.
ජනවාරි මාසයේදී 8,963ක්, පෙබරවාරි 6,763ක්, මාර්තු 6,419ක්, අප්‍රේල් 7,617ක්, මැයි 9,290ක් ජුනි 9,916ක්, ජූලි 7,369ක්, අගෝස්තු 5,189ක්, සැප්තැම්බර් 2,534ක්, ඔක්තෝබර් 4,010 ක් ලෙස මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
මේ වසරේ ජනවාරි 01වැනිදා සිට පසුගිය 30 වැනි දින දක්වා වාර්තා වන රෝගීන් 76,086ක ප්‍රමාණයෙන් රෝගීන් 358,071 ක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. ප්‍රතිශතයක් ලෙස සැලකූ විට එය 47.1%කි.
සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රෝගීන් 16,125 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,990 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 44,692 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,583 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3560 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3,018 ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,972 ක් වාර්තා වී තිබෙන අතර පොදුවේ සෑම දිස්ත්‍රික්යකින්ම රෝගීන් වාර්තා වී ඇත. පවතින වැසි තත්වය අනුව මදුරුවන් බෝවීම ඉහළ යා හැකි නිසා මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මදුරුවන් බෝවන ස්ථාන තිබෙනවාද යන්න සොයා බැලීම අරම්භ කර තිබෙන බවත්, එම සොයා බැලීම්වලට අනුව මදුරු කීටයන් සිටින ස්ථාන හමුවුවහොත් අදාළ ස්ථාන අයත් පිරිස්වලට නීති මගින් කටයුතු කරන බවත් එම සංගමයේ ලේකම් එස්. අයි. බෝපිටියගේ මහතා මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු රෝගීන් හැත්තෑ හයදහසක්