දුමින්ද සංජීව බාලසූරිය
ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලික කටයුතු රජය සිදුකර ඇතැයි ‘ඉරිදා ලංකාදීප’යට වාර්තාවෙයි.
අසාද් මවුලානා විසින් චැනල් ෆෝ නාළිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශය හා පාස්කු ප්‍රහාරයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ.
අසාද් මවුලානාට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රධාන බාධාවක්ව තිබූ ඔහුට එරෙහි ගුවන් ගමන් තහනමද මේ වන විට ඉවත් කරගෙන ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම, ස්විට්සර්ලන්තයේ සරණාගතභාවයේ රැඳී සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට අසාද් මවුලානාට නීත්‍යනුකූලව ඉඩකඩක් ස්විට්සර්ලන්ත රජයේ පාර්ශ්වයෙන් ද නොමැති නිසා ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩකඩ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මගින් ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 18
643
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චැනල් 4 හා පාස්කු ප්‍රහාරය ගැන අහන්න මවුලානා ගෙන්න සියල්ල සුදානම්