මනෝප්‍රිය ගුණසේකර
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රහස් පොලිස් නිලධාරීන් විසින් සිකුරාදා (02) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා රහස් පොලීසියේ පෙනී සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෙනසුරාදා (03) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ප්‍රකාශයක් ගැනීමට පසුගිය 31 වැනිදා රහස් පොලීසියේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම්දී තිබුණත් ඔහු රහස් පොලීසියට නොපැමිණි අතර රහස් පොලීසියේ පෙනී සිටීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කර තිබු කරුණුද සාවද්‍ය බව පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය, සිකුරාදා (02) උදැසන 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමට රඹුක්වැල්ල මහතාට නියම කළාය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රටින් පිටව යෑම තහනම් කරමින් මහෙස්ත්‍රාත්වරිය නියෝගයක්ද පැනවූ අතර මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයට අනුව රඹුක්වැල්ල මහතා සිකුරාදා (02) උදැසන 9.00ට රහස් පොලීසිය හමුවේ පෙනී සිටියේය.
ඒ අනුව ඔහුගෙන් රහස් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය ඇතුළට