IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


උපයන විට ගෙවන බද්ද අඩු වී රජයට බිලියන 40 ක පාඩුවක් බදු ගෙවන්නන්ට • ලක්ෂ එකහමාරට 3,500 ක වාසියක් • ලක්ෂ හතරෙන් උඩ 20,500 ක වාසියක්

  • බදු බර අඩු වීම සාක්කුවට දැනෙන්නේ මෙහෙමයි 

උපුල් වික්‍රමසිංහ
උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) අය කරන සීමාව ඉහළ දමමින් ජනාධිපතිවරයා හඳුන්වා දුන් සංශෝධනයට අනුව, එම බද්ද ගෙවිය යුතු අවම මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස 150,000 දක්වා ඉහළ නැංවීමත් සමග මේ දක්වා මාසිකව රුපියල් 150,000 ක් ඉපැයූ අය ගෙවූ රුපියල් 3,500 බද්ද ගෙවීමට අවශ්‍ය නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
එසේ වුවද මෙමගින් රජයට අවම වශයෙන් වසරකට රුපියල් බිලියන 40ක පාඩුවක් සිදුවෙන බවද ඔහු පෙන්වා දුන්නේය. පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය අතරතුර පැවති සාකච්ඡාවල දී උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව මේ ආකාරයට ඉහළ නැංවීමට අනුමතය ලැබුණු බවය. ඒත් සමගම එම බද්දට යටත් අයට සහන හිමි වේ. 

මීට පෙර මාසිකව රුපියල් 250,000 ක මුදලක් ඉපැයූ අය මාසිකව රුපියල් 21,000 ක මුදලක් බදු වශයෙන් ගෙවූ අතර මෙම අලුත් බදු සංශෝධනය අනුව එම මුදල රුපියල් 13,000 කින් අඩු වෙමින් ගෙවිය යුතු වන්නේ රුපියල් 8,000 ක් පමණක් බව ද මාසිකව රුපියල් 350,000 ක ආදායමක් ඉපැයූ අය පැවති ක්‍රමය යටතේ මාසිකව බදු වශයෙන් ගෙවූ රුපියල් 52,500 ක බදු මුදල රුපියල් 32,500 දක්වා අඩු වෙන බව ද එම කාණ්ඩයට අයත් බදු ගෙවන්නන්ට හිමිවෙන වාසිය රුපියල් 20,000 ක් බව ද මහාචාර්යවරයා පැහැදිලි කළේය.
අදාළ නව බදු සංශෝධන යටතේ අය කෙරෙන බදු මුදල් අඩු වෙන්නේ පහත පරිදිය.
මාසිකව රුපියල් ලක්ෂ 4 ක ආදායම් ඉපැයූ අය රුපියල් 70,500 ක බදු මුදලක් ගෙවූ අතර එම මුදල රුපියල් 50,000 දක්වා රුපියල් 20,500 න් අඩු වේ. බදු අඩුවීමේ ප්‍රතිශතය සියයට 41 කි. එමෙන්ම මාසිකව රුපියල් ලක්ෂ 4 ක් හෝ ඊට වැඩි මුදලක් උපයන අයගෙන් අය කෙරෙන බදු මුදල අඩු වෙන්නේ රුපියල් 20,500 කිනි. 
ඒ අනුව, මාසිකව රුපියල් 450,000 ක් ඉපැයූ අය කලින් රුපියල් 88,500 ක් බදු ගෙවූ අතර අලුත් සංශෝධනය යටතේ ගෙවිය යුතු මුදල රුපියල් 68,000 කි. එහි අඩුවීම රුපියල් 20,500 කි.
මාසිකව රුපියල් ලක්ෂ 5 ක ආදායම් ඉපැයූ අය කලින් බදු වශයෙන් මාසිකව රුපියල් 106,500 ක මුදලක් ගෙවූ අතර එම මුදල 86,000 දක්වා රුපියල් 20,500 කින් අඩු වේ. මාසිකව රුපියල් ලක්ෂ 6 ක ආදායම් උපයන්නන් මාසිකව රුපියල් 142,500 ක මුදලක් බදු වශයෙන් ගෙවූ අතර, එම මුදල රුපියල් 20,500 කින් අඩුවෙමින් රුපියල් 122,000 දක්වා පහත වැටී ඇත. රුපියල් ලක්ෂ 7 ක මාසික ආදායම් උපයන අය රුපියල් 178,500 ක මුදලක් බදු වශයෙන් ගෙවූ අතර නව සංශෝධන යටතේ එම මුදල රුපියල් 158,000 දක්වා අඩු වී තිබේ. 
මාසිකව රුපියල් ලක්ෂ 8 ක ආදායම් උපයන අය 214,500 ක මුදලක් බදු වශයෙන් ගෙවූ අතර එම මුදල 194,000 දක්වා අඩු වී ඇත. ලක්ෂ 9 ක ආදායමක් උපයන්නන් මාසිකව ගෙවිය යුතු වූ බදු මුදල රුපියල් 250,500 ක් වුව ද එම මුදල රුපියල් 230,000 දක්වා අඩු වී ඇත. මාසිකව රුපියල් ලක්ෂ 10 ක මුදලක් උපයන්නන් රුපියල් 286,500 ක් බදු ගෙවූ අතර දැන් ගෙවිය යුතු මුදල රුපියල් 266,000 කි.
බද්ද සියයට 6 සිට 36 දක්වා අය කෙරෙන සීමාව මෙම නව සංශෝධනයෙන් වෙනස් වී නැති බව කී හෙතෙම කලින් පැවති ක්‍රමය යටතේ වසරක ආදායම රුපියල් ලක්ෂ 12 ක් හෝ ඊට වඩා මුදලක් උපයන අයට බදු අය කරන ලද්දේ ලක්ෂ 5 න් පහට වුවත් අලුත් ක්‍රමය යටතේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 ක් උපයන අයගෙන් රුපියල් ලක්ෂ 10 න් 10 ට අය කෙරෙන බවත් ඒ යටතේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 සිට පළමු ලක්ෂ 10 ට එනම් ලක්ෂ 28 දක්වා අය කරන්නේ සියයට 6 ක බදු ප්‍රතිශතයක් බවත් මහාචාර්ය අතුකෝරළ ප්‍රකාශ කළේය. 
මේ බදු සංශෝධනයෙන් වසරකට රුපියල් බිලියන 40-50  අතර මුදලක් රජයට අහිමි විය හැකි වුව ද එයින් ආදායම් බදු පැත්තෙන් රජයට විශාල බලපෑමක් ඇති නොවන බවත් සමාජයේ විශාල පිරිසකට වාසියක් හිමි වෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. 

 



අදහස් (0)

උපයන විට ගෙවන බද්ද අඩු වී රජයට බිලියන 40 ක පාඩුවක් බදු ගෙවන්නන්ට • ලක්ෂ එකහමාරට 3,500 ක වාසියක් • ලක්ෂ හතරෙන් උඩ 20,500 ක වාසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site