
අජන්ත කුමාර අගලකඩ
බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
තමාට ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් පෙරේදා (04) දැනුම්දීමක් කර ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ද, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ද, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා මහතා ද කටයුතු කරති.
චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව, නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, දයා ගමගේ සහ පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන්ට ආණ්ඩුකාරධුර ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
248
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
396
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණ්ඩුකාරවරු 4 ක් ඉවතට