IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලුත් වාහන මිල 45% කින් ඉහළට ආනයනකරුවන්ට දැඩි සීමා, කොන්දේසි

  • වැට් බද්ද එකතු වීම හා සුඛෝපභෝගී බද්ද වැඩි වීම හේතුවක්
  • අලුතෙන් එන කුඩා වාහන මිල ලක්ෂ 13-15 ත් අතර ඉහළට 

උපුල් වික්‍රමසිංහ
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Tax) වැඩි වීමත් යන හේතු මත වාහන ආනයනයට ඉඩ දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් සියයට 45 කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනනයන අංශ පෙන්වා දෙයි. විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් ද මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව ද ඔවුහු කියති. 

එන්ජින් ධාරිතාව 1000 ට වඩා අඩු පෙට්‍රල් වාහන සඳහා මින් පෙර රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ බදු මුදලක් අය කළ ද වැඩි වී ඇති බදු ප්‍රතිශත හේතුවෙන් එම මුදල ලක්ෂ 33-35 දක්වා වැඩි විය හැකි බවට ද එන්ජින් ධාරිතාව 1000 ට වඩා වැඩි වාහන සඳහා අය කෙරෙන බදු මුදල් ලක්ෂ 15 න් පමණ වැඩි විය හැකි බවට ද ඔවුහු පුරෝකථනය කරති. 
මේ අතර මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්ම වන වාහනවලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහනවලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බව ද වාහන ආනයනකරුවෝ පවසති. 
වාහන ආනයනකරුවන් රටට ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත  විකිණිය යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි ද එසේ විකිණීමට නොහැකි වුව හොත් වාහනයේ වටිනාකම මත මාසිකව සියයට තුනේ සිට සියයට 46 දක්වා දඩයක් ගෙවීමට වාහන ආනයනකරුවන්ට සිදු වන බව ද වාහන ආනයනකරුවන් ගෙන්වන වාහන තොග ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන බවද වාහන තොගයෙන් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර නැතිනම් එවැනි වාහන ආනයනකරුවන් සඳහා වසර තුනක ආනයන තහනමක් පැනවෙන බවද පවසන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මේ සීමා හේතුවෙන් වාහන වෙළෙඳපොළ යළි විවෘත කළ ද ගෙන්වන වාහන ප්‍රමාණය අඩු විය හැකි බව ප්‍රකාශ කරති.
වාහන නිෂ්පාදනය කරන විදේශීය සමාගම්වලින් ඇතැම් සුඛෝපභෝගී වාහන ඇනවුම් කළ පසු ඒවා රටට ළඟා වීම සඳහා වැය වෙන කාලය වැඩි වී. ඇති බව ද ඇතැම් වාහන ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛනයෙහි රැඳී සිටීමට සිදු වෙන බව ද කියන ඔවුහු මේ සියලු හේතු මත විශාල ප්‍රමාණයකින් වාහන වෙළෙඳපොළ විවෘත නොවනු ඇති බව ද අනුමාන කරති.



අදහස් (0)

අලුත් වාහන මිල 45% කින් ඉහළට ආනයනකරුවන්ට දැඩි සීමා, කොන්දේසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site