උපුල් වික්‍රමසිංහ
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Tax) වැඩි වීමත් යන හේතු මත වාහන ආනයනයට ඉඩ දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් සියයට 45 කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනනයන අංශ පෙන්වා දෙයි. විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් ද මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව ද ඔවුහු කියති.
එන්ජින් ධාරිතාව 1000 ට වඩා අඩු පෙට්‍රල් වාහන සඳහා මින් පෙර රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ බදු මුදලක් අය කළ ද වැඩි වී ඇති බදු ප්‍රතිශත හේතුවෙන් එම මුදල ලක්ෂ 33-35 දක්වා වැඩි විය හැකි බවට ද එන්ජින් ධාරිතාව 1000 ට වඩා වැඩි වාහන සඳහා අය කෙරෙන බදු මුදල් ලක්ෂ 15 න් පමණ වැඩි විය හැකි බවට ද ඔවුහු පුරෝකථනය කරති.
මේ අතර මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්ම වන වාහනවලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහනවලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බව ද වාහන ආනයනකරුවෝ පවසති.
වාහන ආනයනකරුවන් රටට ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත විකිණිය යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි ද එසේ විකිණීමට නොහැකි වුව හොත් වාහනයේ වටිනාකම මත මාසිකව සියයට තුනේ සිට සියයට 46 දක්වා දඩයක් ගෙවීමට වාහන ආනයනකරුවන්ට සිදු වන බව ද වාහන ආනයනකරුවන් ගෙන්වන වාහන තොග ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන බවද වාහන තොගයෙන් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර නැතිනම් එවැනි වාහන ආනයනකරුවන් සඳහා වසර තුනක ආනයන තහනමක් පැනවෙන බවද පවසන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මේ සීමා හේතුවෙන් වාහන වෙළෙඳපොළ යළි විවෘත කළ ද ගෙන්වන වාහන ප්‍රමාණය අඩු විය හැකි බව ප්‍රකාශ කරති.
වාහන නිෂ්පාදනය කරන විදේශීය සමාගම්වලින් ඇතැම් සුඛෝපභෝගී වාහන ඇනවුම් කළ පසු ඒවා රටට ළඟා වීම සඳහා වැය වෙන කාලය වැඩි වී. ඇති බව ද ඇතැම් වාහන ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛනයෙහි රැඳී සිටීමට සිදු වෙන බව ද කියන ඔවුහු මේ සියලු හේතු මත විශාල ප්‍රමාණයකින් වාහන වෙළෙඳපොළ විවෘත නොවනු ඇති බව ද අනුමාන කරති.
හමුදාවෙන් පැනගොස් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් 3,000කට ආසන්න පිරිසක් මෙරට සහ විදේශයන්හි සිටින බව හඳුනාගෙන ඇති බවත් මුලින්ම ඔවුන් අත්ඩංගුවට ගැ
වසර 2020 සිට 2024 දක්වා ගත වූ වසර පහක කාලයේදී චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල් සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 36.884 ක පාඩුව
ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අපනයන ආර්ථිකයට එල්ල විය හැකි අවදානම අවම කිරීම වෙනුවෙන් විදෙස් රටවල ලංකාවේ සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරු
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටය
අලුතින් පද්ධතියට එක් කරන, වහළ මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 27 ක මුදල රුපියල් 10 කට වැඩි මුදලකින් අඩු කිරීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලුත් වාහන මිල 45% කින් ඉහළට ආනයනකරුවන්ට දැඩි සීමා, කොන්දේසි