IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අන්‍යෝන්‍ය නීති ආධාර සංකල්පයෙන් අර්ජුන් මහ්න්ද්‍රන් ගෙන්න ක්‍රමයක් මෛත්‍රී සමයේ සිංගප්පූරුවට යැවූ පිටු 21,000 ක වාර්තාවට මොකද වුණේ ?

උපුල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර නීතියේ එන අන්‍යෝන්‍ය නීති ආධාර (Mutual Legal Assistance - MLA) නමැති සංකල්පය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව විමර්ශනයක් කර එරටේ අධිකරණයක නඩු පවරන ලෙස සිංගප්පූරු රජයෙන් රාජ්‍යතාන්ත්‍රිකව ඉල්ලා සිටීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා ඉරිදා ලංකාදීපයට පැවසීය. 2002 අංක 25 දරන අපරාධ කටයුතු සඳහා වෙන අන්‍යෝන්‍ය ආධාර පනත නමින් පනතක් (MACMA) ද ශ්‍රී ලංකාව සම්මත කර ඇති බව කී ඒ මහතා සිංගප්පූරු රජය ද මෙවැනි පනතක් සම්මත කර ඇති බැවින් ඒ සඳහා මුලපිරීමේ බාධාවක් නැතැයි ද හෙළි කළේ ය.

අන්‍යෝන්‍ය නෛතික ආධාර ගිවිසුමක් යනු රාජ්‍ය හෝ අපරාධ නීති බලාත්මක කිරීමේ උත්සාහයක් ලෙස තොරතුරු රැස් කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා රටවල් දෙකක් හෝ කිහිපයක් අතර ඇති කර ගන්නා ගිවිසුම් විශේෂයක් බව කී ආචාර්යවරයා අන්‍යෝන්‍ය නීති ආධාර ඉල්ලීමක් සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අපරාධ නඩුවක සැකකරුවෙකු විදේශ රටක පදිංචිව සිටින විට විධිමත් ලෙස ප්‍රශ්න කිරීම සඳහා බව ද ප්‍රකාශ කළේ ය. 
මෙම එම්.එල්.ඒ. නීති සංකල්පය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර ක්‍රියාත්මක වෙන බවත් අපරාධ වැරදිවලට අදාළව වෙනත් රටක පුරවැසියකු සම්බන්ධයෙන් එම රටේ අධිකරණයක නඩු පවරන ලෙස රාජ්‍යතාන්ත්‍රිකව ඉල්ලා සිටීමට හැකි බවත් කී හෙතෙම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහයෝගීව කටයුතු කිරීම මෙම නීතියේ දී ඉතා වැදගත් වෙන බවත් අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව උදර්පණ ගිවිසුමකට ඇතුළත්ව නැති බැවින් මහ බැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය අර්බුදය ගැන කළ විමසීමක දී නිතීඥවරයා ඒ බව කීවේය.
මෙම ක්‍රමයට අමතරව හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ක්‍රමයක් ඇති බවත් ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පුරවැසිභාවය ලැබ එරටේ වාසය කළ ද සුප්‍රකට බැඳුම්කර වංචාවට එරෙහිව ඔහුට විරුද්ධව මෙරට අධිකරණයක දී ඒකපාර්ශ්විකව නඩු පවරා සිංගප්පූරු තානාපති අංශ මගින් ඔහු වෙත අධිචෝදනා යොමු කළ හැකි බවත් ස්කයිප් හෝ සූම් තාක්ෂණය ඔස්සේ නඩුකරය ඉදිරියට ගෙන යෑම සඳහා සිංගප්පූරුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව උදව් ඉල්ලා සිටිය හැකි බවත් හෙතෙම අනාවරණය කළේ ය.
යම් හෙයකින් සිංගප්පූරු රජය අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එවීමට එකඟ වුව ද වෙනත් නීතිමය බාධාවක් පැන නැගිය හැකි බව කී හිටපු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සැකකරු තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව කියමින් එරටේ අධිකරණයක් හමුවට යෑමට ඉඩ ඇති බව ද එහිදී ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බවට එම අධිකරණයෙන් තීන්දුවක් දුන හොත් ඔහුව මෙරටට එවීමට ඇති ඉඩ සීමිත බව ද ප්‍රකාශ කළේ ය. 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එවක නීතිපතිවරයාගේ අස්සනින් යුතුව 2019 දී පිටු 21,000 ක වාර්තාවක් සිංගප්පූරුවේ විදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයට යොමු කරමින් සැකකාර අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එවන ලෙස ඉල්ලීමක් කළ ද එයට ප්‍රතිචාරයක් නොලැබුණු බව කී ඔහු එම වාර්තාවට වූයේ කුමක් ද යන්න සිංගප්පූරුවෙන් විමසිය යුතු බව ද අවධාරණය කළේ ය. සිංගප්පූරු රජය මේ දක්වා එරටේ පුරවැසියෙකු වෙනත් රටකට භාර දී නැති බව හෙළි කළ හෙතෙම ශ්‍රී ලංකාව දැන්වත් සිංගප්පූරුව ද ඇතුළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් සමග උදර්පණ ගිවිසුම්වලට එළැඹිය යුතු බව ද දෙරට අතර උදර්පණ ගිවිසුමක් නොමැති හෙයින් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම දුෂ්කර වී ඇතැයි ද පැවසීය.

 



අදහස් (0)

අන්‍යෝන්‍ය නීති ආධාර සංකල්පයෙන් අර්ජුන් මහ්න්ද්‍රන් ගෙන්න ක්‍රමයක් මෛත්‍රී සමයේ සිංගප්පූරුවට යැවූ පිටු 21,000 ක වාර්තාවට මොකද වුණේ ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site