(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඡන්ද ප්‍රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීමට ඉඩමේ හිමිකරුගේ අත්සන හොරට යොදා මොරවක පොලිස් ස්ථානය වෙත ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කළ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු හෙට (23) දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරවක වැඩබලන මහේස්ත්‍රාත් අජිත් අබේසේකර මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ ඉන්දික කුමාර විජේසිංහ නමැති මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකි.
ඔහු තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉකුත් 17 වැනි දින සවස 2.00 සිට රාත්‍රි 8.00 දක්වා වරල්ල පැලවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ඡන්ද ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සදහා ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම වෙනුවෙන් ඉඩමේ හිමිකරුගේ කැමැත්ත සදහන් කර ලිපියක් ඉදිරිපත් කර තිබුණි. ඒ ජනවාරි මස 5 වැනිදාය. පසුව ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ අදාල ප්‍රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා සවස 2.00 සිට රාත්‍රි 10.00 වන තෙක් අවසරය ඉල්ලා තිබේ. සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා ඉඩමේ හිමිකරුගෙන් අවසර ලිපියක් රැගෙන එන ලෙසට පොලීසිය දැනුම් දී තිබෙන අතර ඉකුත් 12 වැනිදා ඔහු එම ලිපියද ඉදිරිපත් කර ඇති නමුත් අදාල ලිපි දෙකේ අත්සන් එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකයට බාර කෙරිණි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී හෙලි වී ඇත්තේ ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම සදහා මොරවක පොලීසිය වෙත ලබා දුන් දෙවැනි ලිපිය ඉඩමේ හිමිකරු ලෙස සැකකාර අපේක්ෂකයාම අත්සන යොදා ඉදිරිපත් කර තිබෙන බවයි.
තවද ඉඩමේ හිමිකරු ද එය තම අත්සන නොවන බවට පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දී තිබේ. ඒ අනුව අත්සන හොරට යොදා කූට ලේඛනයක් සාදා එය සැබෑ ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරිමේ වරදට සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ ඉන්න ඔක්කොම හොරු තමා.
ඔන්න පොහොට්ටුවෝ දැන්මම වැඩ පටන් අරන්. මොවුන් දිනුවොත් කොහොම හිටීවිද? පොහොට්ටුවන්ට දෙන ඡන්දය හොරුන්ට, තක්කඩින්ට, මගෝඩියන්ට යළිත් රට කන්න ඉඩදීමකි.
පොහොට්ටු ලොක්කා ඇදේට යන කෙනෙක් වූ විට අනිත් අය කෙසේ කෙලින් යන්නද?
මේවා මේ අයට නුහුරු නුපුරුදු වැඩ නෙවෙයී!
මෙයාව දැන්මම එලවන්න ඕනේ.