සෙනරත් බණ්ඩාර
පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් මැතිවරණ රජාකාරී සඳහා පැමිණි නිලධාරීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ඉහළ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් අලුතින් විවෘත කර තිබියදී මහනුවර සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් පිහිටි ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලීය පරිශ්‍රය ඡන්ද පෙට්ටි නිකුත් කිරීමට මහනුවර මැතිවරණ බලධාරීන් පියවර ගෙන තිබිණි.
හසලක,උඩුදුම්බර,ගලගෙදර,නාවලිපිටිය,දොළොස්භාගේ,උඩගල්දෙබොක්ක ආදී දුෂ්කර ප්‍රදේශ ගණනාවකට ගෙන ආයුතු ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පැය ගණන් ප්‍රමාද වීම නිසා ඒවා අවසානයේ නිකුත් කිරීමට සිදුවූයේ මැතිවරණ රජකාරී සඳහා පැමිණි නිලධාරීන්ගේ හූහඬ මධ්‍යයයේය.
පැය තුනක පමණ ප්‍රමාදයකින් පසු ලැබුණු නිල ඡන්ද පෙට්ටි එම මධ්‍යස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි බස් රථ ගාල වෙත ගෙන යෑමට ඒවා බාරව ගිය නිලධාරීන්ට සිදුවූයේ එම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික වාහන වල පටවාගෙනය.
මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන්ට රාජකාරී පැවරීම සඳහාද නිසි ක්‍රමවේදයක් නොවූ අතර මේ නිසා නිලධාරීන් 400 දෙනකුට පමණ ආපසු නිවෙස් බලා හැරී යාමට සිදු වුනු අතර ඔවුන්ගේ සහයට ඡන්ද පෙට්ටි රැගෙන යාමට පැමිණි සහයකයින් ද උදෑසන සිට දහවල් වන තුරු අහාරයක්වත් නොමැතිව හිස් අතින්ම යෑමට සිදුවූ බව එම නිලධාරින් ප්‍රකාශ කර සිටින ලදී .


ඡායාරූප - චමිල් රූපසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වුණාම ඉතාම කරදරයට මෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති.. ඔහු උදේම පෙට්ටි ගන්න එන්නේ සමහරවිට බඩගින්නේ... පෙට්ටි ගත්තට පස්සේ මධ්‍යස්ථානයට ගියවෙලාවේ සිට ඉවරයක් නොමැති වැඩ... බොහෝවේලාවට රාත්‍රියට නින්දක් නැහැ. ඡන්දෙ දවසෙත් විවේකයක් නැහැ. ඒ මදිවට අපේක්ෂකයන්ගෙනුත්, සහචරයින්ගෙනුත් වන හිරිහැර ඡන්ද පෙට්ටි ආපසු ගෙනාවම බාර ගැනීමේදී වන හිරිහැර බොහෝ වෙලාවට ගණන් කරන්නත් තිබුණොත්, පසුදාත් නොමැරී වැඩ කරන්න වෙනවා. මැතිවරණයකදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති තරම් දුක්විඳින කිසිකෙනෙක් නැහැ. නමුත් ලැබෙන දීමනාව අනෙක් නිලධාරීන් සමග සසඳන විට ඉතාම පහත්... මේ නිසා ඉහත තත්වය ඇතිකළ නිලධාරීන්ට දඬුවම් කලයුතුයි.
මහනුවර මැතිවරණ කාර්යාලයේ උඬඟු තීරණ වල ප්‍රතිඵලයක්...