(ජුඩ් සමන්ත සහ ජයරත්න වික්‍රමාරච්චි)

මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකුව නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

නවගත්තේගම - ගාමිණීපුර ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 58 ක් තිබී ඇත.

සැකකරු නවගත්තේගම - ගාමිණීපුර පදිංචිකරුවෙකි.

සැකකරුව ආණමඩුව මහේස්ත්‍රාත් අ‍ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.