පුත්තලම - ජූඩ් සමන්ත.
ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (10) දහවල් පුත්තලම - තිල්අඩිය,රිශාඩ් බදුර්දීන් මහා විද්‍යාලය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අයෙකි.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුවේ දැන් හොඳ තත්වයක් දකින්න ඇතත් මේ වගේ කඩාකප්පල් වැඩකරන අයත් අතන, මෙතන ඉන්නවා.
මෙහෙම බලනකොට මිනිහෙකුට වතුර ටිකක්වත් දෙන්න බැහැනේ...