( තිළිණි ද සිල්වා )
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ජනසෙත පෙරමුණෙ නාමයෝජනා ලැයිස්තු දෙක බලරහිත කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.
එම පක්ෂ දෙක සඳහා එකම අයෙක් තරග කරන බවත් එය පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවත්, එම ප්‍රාදේශීය සභාවට තරග කරන මන්ත්‍රීවරුන් තේරී පත් වූවන් ලෙසට ප්‍රකාශයට පත් කිරීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් සහ එහි සාමාජිකයෝ ද, ගම්පහ දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරියා සහ පක්ෂ දෙකේ සියලුම මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු 109 ක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොමද දෙකම බලරහිත කරන්නේ. මුලින් බාරදීපු නාමයෝජනා පත්‍රය නිවැරදි, එහි වලංගු භාවයට හානියක් වෙන්න බැහැ. මේ කියන විදියට දෙකම බලරහිත කරොත් මිනිස්සු දෙවෙනි කසාදයක් කරගනීවි, පළමු කසාදෙයි දෙවැනි කසාදෙයි දෙකම බලරහිත කරගන්න.
එන්නත් කලින් ඔහොම නම් ඕකුන් ආවහම කොහොමට හිටීවිද