IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මැතිවරණ නිරීක්ෂනයට නිරීක්ෂකයින් 302 ක්

නිමල කොඩිතුවක්කු
 
මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා මානව හිමිකම් පිලිබඳ විද්වද් සංසදයේ  මැතිවරණ නිරීක්ෂන ජාලය දිස්ත‍්‍රික්ක  19ක් ආවරණය වන පරිදි නිරීක්ෂකයන් 302ක් යොදවා ඇතැයි එහි ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පැවසීය.
 
තම සංසදය වෙත  මේවනවිට සිද්ධීන්  421ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඉන් 264ක්ම නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බවත් ඔහු කියා සිටියේය.
 
මානව හිමිකම් පිලිබඳ විද්වද් සංසදයේ  මැතිවරණ නිරීක්ෂන ජාලය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (1) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය උදිත ගුණසේකර මහතා මෙසේද කීය. 
 
‘‘පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා ගත වී ඇති කාලය තුල මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විදියට අපි මෙම මැතිවරණ ක‍්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ දී අණාවරණ වු කරුනු අනුව පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී සිද්ධීන් ප‍්‍රමාණයේ යම්කිසි අඩුවීමක් තියෙනවා. නව මැතිවරණ ක‍්‍රමය නිසා  මෙම පැමිණිලි  සංඛ්‍යාව අඩුවී ඇති බවට අපි විශ්වාස කරනවා. 
 
අපේ නිරීක්ෂණයන්ට අනුව මේ දක්වා මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ලෙස සිදුවීම් 42ක් ද, නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ලෙස පැමිණිලි 264ක ප‍්‍රමාණයක්ද , මහජන මතයට අනිසි බලපෑම් සිදුවන ක‍්‍රියාවන් 78ක් ද, ප‍්‍රධාන කරුණු ලෙස ඉස්මතු කර දැක්විය හැකියි.  
 
මෙයට අමතරව රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම, රාජ්‍ය නිළධාරීන් මැතිවරණ කටයුතුවලට යොදාගැනීම, අපේක්ෂකයන් තමන් දරණ ලද තනතුරු වල රැඳී සිටීම , රාජ්‍ය නිලධාරින් බඳවාගැනීම ,  උසස්වීම් ලබාදීම හා මාරුවීම් ලබාදීම මෙන්ම සාමකාමී මැතිවරණ ක‍්‍රියාවලියට බාධා කිරීම් යන අංශ යටතේ තවත් පැමිණිලි අප වෙත ලැබී තිබෙනවා යැයිද ඔහු කියා සිටියේය.‘‘ 



අදහස් (0)

මැතිවරණ නිරීක්ෂනයට නිරීක්ෂකයින් 302 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 336 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 426 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site