ක.ග කරුණාරත්න
මෙවර පළාත් පාලන මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයින් 10000 කට තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් ආරියරත්න මහතා පවසයි.
මේ වන විට තාවකාලික හැඳුනුම්පත් 5000 ක් නිකුත් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී ඉතිරි හැඳුනුම්පත් ප්‍රමාණය නිකුත් කිරීම්ට නියමිත බවද ඒ මහතා කීය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් තේරීම්භාර නිලධාරීවරයා මේ බව පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලොන්නරුවේ 10000කට තාවකාලික හැඳුනුම්පත්
Senarath Monday, 05 February 2018 07:10 PM
පොළොන්නරුවේ විතරක් 10,000 ක් ඉන්නේ කොහොමද ? මේකනම් ජනාදිපතිගේ පටිරෝල්වෙන එක නවතන්න හොර ඡන්ද දැමීමට කරන සැලසුමක්.
Ratawesiyaa Monday, 05 February 2018 11:45 PM
සම ඡන්දයකදිම තාවකාලික හැදුනුම්පත් විශාල වශයෙන් නිකුත් කරනවා. ඇයි මේ අය හැදුනුම්පත් නොගෙන ඉන්නේ. නීති ගරුකව ක්‍රියාකිරීමට මිනිසුන් උනන්දු විය යුතුයි.
kalpa Tuesday, 06 February 2018 08:32 AM
මෙය කිසියම් වංචාවක්ද කියල සොයා බලන්න
Senarath Tuesday, 06 February 2018 09:18 AM
පොළොන්නරුවට විතරක් මොකද තාවකාලික හැඳුනුම්පත් නිකුත් කරන්නේ?
Chathura Tuesday, 06 February 2018 03:13 PM
තාවකාලිකව හරි හදන්න. මගෙ එක එවන්න මාස 8ක් ගියා. ඒත් වරද්දලා එවලා තියෙන්නේ. දැන් තව මාස නවයක් ඉන්න ඕන