
විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්වීණි.
එහිදී ප්‍රථමයෙන් ආගමික වතාවත් සිදුකළ අතර පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය එම කටයුතු මෙහෙය වූහ.
අනතුරුව එම පරිශ්‍රයේ පිහිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පිළිරූ දෙකට පුෂ්ප උපහාර දැක්වීම සිදුකෙරුණි . ඒ සඳහා විශ්ව විද්‍යාලයේ වැඩබලන උප කුලපතිනි මහාචාර්ය රේණුකා නිල්මිණි මහත්මිය ඇතුළු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ.
ඉන් පසුව සභා සදය ශාලාවේදී නාහිමියන් පිළිබඳව සමරු දේශනය පැවැත්වූන අතර මහාචාර්ය ගාමීණී රත්න ශ්‍රී මහතා විසින් එය සිදු කරනු ලැබිණි.
_සටහන_ ආරියරත්න රණබාහු
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රීගේ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd