ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.
ලංකාදීපයට හිමි සම්මානය ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති (අධ්‍යාපන) මහාචාර්ය ජයන්ත ඩී.එන් දේවසිරි මහතා අතින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ලබා ගත් අයුරු.
ජනක රත්නකුමාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, තාරක ඩී මුතුකුමාර (සහකාර සාමාන්‍ය අධිකාරි නිර්මාණ), රංජිත් රූපසිංහ (බෙදාහැරීම් ප්‍රධානී), දර්ශන ඩී. සිල්වා (ජ්‍යෙෂ්ඨ දැන්වීම් උපදේශක), සුරාජ් පතිරණ (වෙළෙඳ කළමනාකරු,) ලසන්ත අබේවර්ධන වෙළෙඳ කළමනාකරු, නිහාල් ගුණරත්න (ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු,) තිස්ස කුඩාතිහ (දැන්වීම් උපදේශක) සහ සිලෝන් බිස්කට් සමාගමේ සාමාන්‍යාධිකාරි (අලෙවි) ධනුෂ්කා තමාලි සිල්වා මහත්ම මහත්මීහුද මෙහි වෙති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
බකල ජයා Tuesday, 18 March 2025 10:43 PM
සුභ පැතුම්!
ජිල්බු Tuesday, 18 March 2025 10:46 PM
අපගේ උණුසුම් සුබ පැතුම් වේවා!
gamunu Wednesday, 19 March 2025 05:28 AM
ලංකාවේ පුවත් දෙස්විදෙස් ශ්‍රී ලාංකිකයන් වෙත ගෙන එන්නාවූ ලංකාදීපයට සුබපැතුම් !!!