IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්

(අංජුල මහික වීරරත්න)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී දෙවන දිනටත්   ආරම්භ විය.

වෙසක් බැති ගී සරණීයේ දෙවන දිනයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය සමඟින් ජනප්‍රිය ගායන ශිල්පී ඉලියාස් බෙග් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බැති ගී කණ්ඩායම විසින් ගීතවත් වූ අතර වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමි සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ. 

මෙම භක්ති ගීත වැඩසටහන ඉදිරි මැයි 14 සහ 15 යන දිනයන්හිද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අතර වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සලක්ද ජනාධිපති කාර්යාලය අසලදී 16 වන දා දක්වා පැවැත්වේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සලද ඊයේ ජනාධිපති කාර්යාලය අසලදී යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.



අදහස් (0)

ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site