
(යොහාන් භාසුර)
කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පිංකම් මාලාවක් අද (14) පැවැත්විණි.
භික්‍ෂුන්වහන්සේ 100 කට අධික සංඛ්‍යාවකට දහවල් දානය පිරිනැමීම සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 1200 කට පමණ සහන මලු පිරිනැමීම ආදි පිංකම් රැසක් එම වැඩසහන ඇතුළත් විය.
එංගලන්තය, ඇමෙරිකාව, සිංගප්පූරුව සහ චීන යන රටවලින් වැඩමකර සිටින භික්‍ෂූන්වහන්සේ එහිදී ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට විශේෂ පිරිකර පිරිනැමීම මෙහිදී කැපී පෙනුණි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු ද විශාල පිරිසක් සභභාගි වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු.... දානය දීමෙන් ලැබෙන්නාවූ කුසල ආනිසංස අපිත් අනුමෝදන් වෙමු.සාදු,... සාදු.... සාදු...ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.....