යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක්  සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි.

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට යුනිසෙෆ් ආයතනය, සබරගමු පළාත් සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන මගින් සබරගමු පළාතේ පෙර පාසල් 146ක ළමුන් 3100 කට පමණ දිවා ආහාරය ලබා දේ.

මෙම අවස්ථාවට යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර්, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර, පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.