
(අංජුල මහික වීරරත්න)
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පැවත්විණි.
උපහාර උත්සවයේ ප්‍රධාන අනුස්මරණ දේශනය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පවත්වනු ලැබීය.
සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදය මෙම උත්සවය සංවිධාන කර තිබු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සභාපතිනී කීර්තිලතා ලොකුලියනගේ, සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂද සංවිධානයේ චන්ද්‍රිකා ද සොයිසා ,මහාචාර්ය විශාඛා සුරිය බණ්ඩාර මහත්ම මහත්මීහූ මෙහිදී අදහස් පළ කළහ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.