
( දිල්රුක්ෂි ග්‍රේරු)
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල විශේෂ පිරිත් පිංකමක් පසුගියදා පැවැත්විණි.
පිංකමට සහභාගී වූ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සිය දෙනෙකු සමඟ ගිහි පිරිස් හා පාසල් සිසු දරුවන් රැසක් එක්ව පිරිත් සජ්ඡායනා කරමින් ලෝක සාමය උදෙසා සද්ධර්ම ශක්තිය උදා කර දුන්හ.
‘මෙවන් උතුම් කටයුත්තක් සාර්ථක වීමට නම් ලෝකයේ සියලු බෞද්ධයින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ලෝක බෞද්ධ ප්‍රජාව අවධාරණය කරයි. සාමූහික ආධ්‍යාත්මික වැඩසටහන් හා මෛත්‍රිය සිත් තුළ ඇතිකර ගැනීමට පුහුණු වීම තුළින් ලෝකයේ පවතින යුද මානසිකත්වය දුරු කළ හැකි බවද ඔවුන්ගේ විශ්වාසයයි.
"අපේ පරම පවිත්‍ර අරමුණ තෙවන ලෝක යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීමයි. ඒ සඳහා බුදු දහමේ ඉගැන්වීම් හා සාමූහික ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් ඔස්සේ, යුද්ධයට පදනම් වන අකුසල සිතිවිලි වෙනුවට සාමය හා සහජීවනය වර්ධනය කරන කුසල සිතිවිලි ජනිත කළ යුතුයි." යනුවෙන් ලෝක බෞද්ධ ප්‍රජාවේ සභාපති බුද්ධික ප්‍රසන්න මහතා ඒහිදී පැවසීය.
ලෝක බෞද්ධ ප්‍රජාව (World Buddhist Community) සංවිධානය මූලිකත්වය ගනිමින් මෙම පිංකම සංවිධානය කර තිබිණි.


2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2149
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
Ruwan De Silva Monday, 25 November 2024 06:15 PM
සෙත් පිරිත් කියන එක හොඳයි, හැබැයි ඉතින් යුද්ධය නවත්තන්න පුළුවන් ලෝක බලවතුන්ට විතරයි...
Nethul Handunpathiraja Monday, 25 November 2024 07:18 PM
ඒක නම් හොඳයි.
Pasindu Monday, 25 November 2024 09:31 PM
ඉතාම වටිනවා. මේක තමා වෙන්න ඕනේ. හැමෝම යුද්දේ එපා එපා කිව්වට යුද්දයක් නවත්තන හැටි පෙන්නලා දෙන්නේ නෑ. නහී වේරේන වේරානි. මෛත්‍රිය හැම සිත් තුල පහල වේවා.