IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


’’කළු පාලනය අවසන් කරන පියවර ආපසු හරවන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු  හැරවීමට කටයුතු නොකරන බවද ජනාධිපති ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අභිනව අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි. 

සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අතීතයේදී රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවද සඳහන් කළේය. 

ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමී මහා යතිවරයාණන් වහන්සේ නමක් වන  නාරනම්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ ජාතික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික වශයෙන් ඉටු කරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා මෙම යුගය  නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වන යුගයක් බවද පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත්, එහිදී ගම්දනව් සිසාරා වැඩම කරමින් ජනතාව අවදි කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රටට අහිතකර කිසිවක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපතිවරයා  මෙරට ඓතිහාසික උරුමය, සොබා සෞන්දර්ය, වනජීවි කලාප  සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ ලෝක ඇගයුම වැනි සාධක පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය ගොඩනැංවීම රජයේ ඉලක්කය බවද පැවසීය.

අභිනව අනුනා හිමි වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.



අදහස් (9)

’’කළු පාලනය අවසන් කරන පියවර ආපසු හරවන්නේ නෑ’’

Gagana Saturday, 04 October 2025 01:46 AM

තවත් කාටහරි පච පාලනයත් අවසන් කරන තුරු පියවර ගන්න වෙයි

:       0       0

Krishna Saturday, 04 October 2025 09:11 AM

අම්මෝ...මේකේ සුදු..

:       0       5

Asanga Saturday, 04 October 2025 05:33 PM

එකම බියිලා එක තමයි හැම තිස්සේම කියවන්නේ...

:       0       5

Nishan Sunday, 05 October 2025 04:56 AM

කියන දේට ප්‍රතිවිරුද්ධ දේ කරන බව රටේ ජනතාව තේරුම් අරන් ඉන්නේ. උඩින් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ යටින් කරගෙන යනවා.

:       0       5

Kuma Monday, 06 October 2025 03:22 AM

කලු කොට පාලනය ගැනද කියන්නේ...?

:       5       32

Nishan Monday, 06 October 2025 05:28 AM

සුදු පාලනයක් ඇති කරන්න ආපු අය ඉස්කෝල ළමයින්ට කොන්ඩම් බෙදලා තව රූම් යන්න රුපියල් පන්දාහකුත් දෙන්න හදනවා. නරකද ඊට කලින් දෙමව්පියන්ට වින්නඹුකම ඉගැන්නුවොත්?

:       3       35

සාලිය Monday, 06 October 2025 08:58 AM

ගෙවල් හදන එක නම් තාම සිහිනයක්. බැංකු ණයක් ගන්න බෑ ස්තිර රස්සා නැතුව. නොදකින් විතරක්...

:       1       35

sudda Wednesday, 08 October 2025 06:37 AM

එතකොට ක්‍රිප්ටො කරන්සි, ලමයින්ට ලැබුනු විශාල මුදල් තමාගේ ගිනුමේ දාගැනීමෙහෙම කලු පාලනයට අදාල නැද්ද​. ආ හොර ලියකියවිලි හදලා ගොඩනැගිලි බදු දීම අමතක වුනා. කලු පාලනය නැතිකිරීම කොහොම වුනත් වැදි බණ නම් නැගලා යනවා.

:       1       14

kasun Wednesday, 08 October 2025 03:10 PM

විහිළු සැපයීම...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 314 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site